SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමරිකාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් 03ක සේවකයන් ඒකාබද්ධ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර

ඒ නිසා මෝටර් රථ නිෂ්පාදනයේ 97%ක කටයුතුවලට දැවැන්ත බලපෑමක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

 

මෙම වර්ජනයට සහභාගී වී සිටින්නේ ජෙනරල් මෝටර්ස් සමාගම (General Motors), ෆෝඩ් (Ford) සමාගම සහ ක්‍රයිස්ලර් (Chrysler) යන සමාගම්ය. සමාගම් තුනේ සේවකයින් ඒකාබද්ධව පිහිටුවාගත් වෘත්තීය සමිති සන්ධානයකින් එය මෙහෙයවමින් සිටී. වාර්ෂිකව ඇමරිකන් ඩොලර් ට්‍රිලියනයක මෝටර් රථ මෙම සමාගම් තුනෙන් නිෂ්පාදනය කෙරෙන බවත් අදාල සේවකයින් හට වසර 04කින් වැටුප් වැඩි කර නැති බවත් වාර්තා වේ.

 

 

මේ නිසා 40%කින් වැටුප් වැඩිකරණ ලෙසත් සතියේ වැඩකරන දින ගණන 4ක් කරන ලෙසත් පාලනාධිකාරියට බලකරමින් වර්ජනය දියත් කර ඇත.

 

මෙම වර්ජනය හමුවේ විශේෂයෙන්ම චීනයේ සහ වියට්නාමයේ නිෂ්පාදිත මෝටර් රථවලට ලෝකවෙළඳපොළ තුළ අමතර වාසි සහගත තත්වයක් ඇති වී තිබෙන බව වාර්තාවල දැක්වේ.

 

american 2

@lankatruth

නවතම ලිපි