SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විජයගෙ  පක්ෂය ඒ කාලෙ හරිම ජනප්‍රිය පක්ෂයක්. ඒ කාලෙ පැවතුනු ආණ්ඩුවට ලොකුම අභියෝගයක් එක්කරපු පක්ෂයක්.

මැඩම් චන්ද්‍රිකා ශ්‍රිලංකා එකට ඇවිත් මහ ඇමතිනිය,  ජනාධිපතිනිය  වෙන්න කලින් හිටපු පක්ෂය.

 

මේ පක්ෂය එකපාරටම මාතෘකාවක් උනේ ඇයි?

ගේම් දේශපාලනයේ පියවරුන්ට විජයගේ පක්ෂයේ වටිනාකම පේන්න ගත්තේ ඇයි?

ඔන්න අපේ යාළුවෙක්ට පහුගියදාක මුණ ගැහුණලු විජයගේ පක්ෂයේ සාමාජිකයෙක්. ආරංචියේ හැටියට "මංපොර" පියෙක්ට මේ දවස්වල මේ පක්ෂය ඔින වෙලා. ඔින වෙලා කියන්නෙ එයාගෙ පිටිපස්සෙත් කෙනෙක් ඉන්නවලු මේ වැඩේ මෙහෙයවන.

 

හැබැයි ඉතිං ආරංචි හැටියට ඉලක්කෙටම වැදෙන්න කාරණේ කතාකරල තියෙනවලු.

 

මේ සාකච්ඡාවට සතියකට හමාරකට කලින් විජයගේ පක්ෂයේ දැන් ඉන්න ලොක්ක සජබෙ දැන් ඉන්න ලොක්ක ඇතුළු කණ්ඩායම මුණ ගැහුණලු. ඒ මුණ ගැහුනු එක වෙබ් කිහිපයක වාර්තා කරල ලොකු හාහෝවක් ඇති කරාලු. ඒ හාහෝවෙන් දවස් තුන හතරකින් විජයගෙ පක්ෂයේ දැන් ඉන්න ලොක්ක ප්‍රෙස් එකක් කැඳවල එයාල සජබෙට ගියේ නැහැ කියල ප්‍රකාශයක් කරාලු.

 

 

මේව අපි කියන්නෙ සමාජ මාධ්‍ය එන්න කලින්  දේශපාලනයෙ තිබුණු ගේම් ගැහිලි තවදුරටත් ලේසි නොවෙන හින්ඳයි.

 

දැන් විජයගේ පාටියෙ දැන් ඉන්න ලොක්කට "මංපොර" පියාගෙ කතාව හදවතටම වැදිලලු. පක්ෂය පූජ කරල විතරක් නතර නොවී ඔිනෑම උදව්වක් කරන්නත් ආසා වෙලාලු. උන්දැ නව රත්නයක් උනත් වචනවලින් ගහන ගේම් කොහොම තේරුම් ගන්නද? 

මේ වෙද්දි පක්ෂ කණ්ඩායම් නම් කීයක් පහුකරන් ආපු මිනිහෙක්ද කියල නව රත්නය දන්නෙ නැහැ නොවැ.

 

ඒත් මොකටද මේ හදිසියෙ විජයගෙ පක්ෂය??

කව්ද මේක පස්සෙන් වැඩේ කරන්නෙ??

සතියකින් උත්තරය ගේන්න අපිට පුළුව්න් වෙයි ඇටිකිරිය පැටිකිරිය එක්කලා.

 

ඒ මොක උනත්,  දැන් මිනිස්සුන්ට රියල් ගේම් එකට මුහුණ දෙන්න වෙලා, ගේම් දේශපාලනය ඉවරයි කියල පාටියකදි හමුවුනු  මිතුරෙක් කියනව අපි අහගෙනයි.

අපි නම් කියන්නෙ ගේම් දේශපාලනය තවමත් තියෙනව, හැබැයි කලින් නොදැන කලේ, දැන් දැනුවත්ව කෙරෙන්නෙ කියල.

 

ඉතිං පක්ෂ හදන එකයි, පක්ෂ හොරකම් කරන එකයි කරමින් තව අවුරුදු 10ක් ඉඳීවි වැඩිම උනොත්..නේද?  

 

ගේම් ඔිවර්.

    

නවතම ලිපි