SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුද සමයේ  දී ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා හිමි දීමනාව ලබාදීමට තීරණය කර  ඇති බව  ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අදාළ හමුදා සාමාජිකයා වයස 55ට පෙර අබාධිත තත්ත්වයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මියගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වීම මෙතෙක් පැවති ක්‍රමවේදය   බව එම නිවේදනයේ සදහන් වේ.


යම්   ආබාධිත සෙබළකු   ගේ මියයාම යුද්ධයේදී ආබාධිත වීම නිසා ඇතිවූ සෘජු ප්‍රතිඵලයක් මත සිදු වී නොමැති  බවට වෛද්‍ය මණ්ඩලය විසින් තහවුරු නොකළහොත් එම ආබාධිත හමුදා සාමාජිකයාගේ වැන්දඹුව වෙත  වැන්දඹු හා අනත්දරු විශ්‍රාම  වැටුප පමණ හිමි වු බවද   එම නිවේදනයේ සඳහන් වේ.

@lankadeepa

නවතම ලිපි