SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ගවර්ස් නඩුවෙන් මාව නිදහස් කරන්න"

නාමල්ගේ ඉල්ලීමට තීන්දුව දෙන දිනය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (13) ප්‍රකාශ කර තිබේ.

 

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

2013 ඔක්තොම්බර් මස 01දාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ. එමෙන්ම අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් “හෙලෝ කෝප්” ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා ගොනු කර ඇත.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන්නේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතතුරුවය.

 

ගවර්ස් නඩුව 2

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අමතරව පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

 

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නැමැත්තා අධිකරණය මඟ හැර විදේශගතව සිටි අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීමටද මීට පෙර අධිකරණය තීන්දු කර තිබිණි.

 

@lankatruth

නවතම ලිපි