SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි ගිය සතියෙ ගෙනාවා මාලිමාවයි සීනුවයි දෙකට කඩල ඒකෙන් දේශපාලන ගේමක් ගහන්න ගිහින් ෆේල් වෙච්ච ස්ටෝරිය.

මේ සතියෙත් ඔන්න මාලිමාවටම සම්බන්ධ කතාවක් තමයි අපේ ගොසිප් විග්‍රහය වෙන්නෙ.

 

ඔන්න ඒකට පාදක සිද්ධිය තමයි මුහුණු පොතේ ගියපු පෝස්ට් එකක්. පෝස්ට් එක දාල තිබුණෙ ජවිපෙට ආදරය කරන ඒකෙම ක්‍රියාධරයෙක්. පෝස්ට් එක මෙහෙමයි.

“ජවිපෙ හා NPP අයත් බමුණු කුලයක් හැදෙමින් පවතී. එය වෙනම බමුණු කුලයක් නොවිය යුතුය. අපි ඒවා බිඳිනවා.”

NPP 2

 

දැන් ඇයි මේ වගේ අදහසක් පක්ෂය ඇතුලෙ වැඩ කරන්නෙ?

මේකට හේතු සාධක තියෙනවද නැද්ද?

ඇත්තටම NPP එක ඇතුලෙ බමුණු කුලයක් නැද්ද?

ඉන්නවනම් ඒ කව්රු වගේ අයද?

විවාදාපන්න කාන්තා චරිතය හරිනිත් ඒකට අයිති ද?

ඔන්න අද අපි මේ  හෙළිදරව්ව පටන් ගන්නවා.

පැත්ත ගියත් ඇත්ත කියන පක්ෂග්‍රාහී කට්ටිය වගේ නොවී, ජවිපෙ දිනුවොත් මැතිවරණ නෑ කොමියුනිස්ට් පාලනයක් එන්නෙ වගේ බොරු බිල්ලන් මවා මිනිස්සුන්ව ගොනාට අන්ඳන්න  මෙතෙක් නොකල කුණු දේශපාලන විධික්‍රමයක් බෝ වෙච්චි ජනරජේ  වගේ නොවී ඔන්න එහෙනම් කියන්නයි යන්නෙ...

මේ බමුණු කුලේ කතාව අද ඊයෙ සිද්ධියක් නොවෙයි.

ජාතික ජන බලවේගයේ හැමෝම බමුණු කුලයට අයිතිත් නැහැ.

විශේෂයෙන්ම හරිනි අයිතිත් නැහැ. (නැත්නම් මේ ගොසිප් එකෙන් ආයෙත් ෆේල් වෙච්ච මීඩියා ගේමට ෆෑන්බේස් එකක් හැදෙන්න පුළුවන්).

අපි මේකට දන්න කියන උදාහරණවලින්ම දෙක තුනක් ගනිමුකො.

කැට+අපේ කියන්නෙ වතාවක් ජේවීපී එක පහුගිය කාලෙ වගේම ජනප්‍රිය වෙලා රැළි ගහද්දි කොළඹින් ඡන්දෙට බැහැපු ඇඩ්වටයිසින් කලාකරුවෙක්. එයා ප්‍රභූවරයෙක් උනේ විවාහයත් එක්ක කියලයි කට්ටිය කියන්නෙ.

කුමාරයෙක්ව+ අප් කරන+ පෙරුම  කියන්නෙ ටින්ටින්ටින් නාලිකාවෙ සුදාලත් එක්ක නීතී සහෝ කෙනෙක් වෙච්චි මානව හිමිකම් ගැන දොඩන්න කැමැති ලඟකදි ඉඳල රඟපාන්නත් දන්න, දන්න කියන හිතවතෙක්.

තවත් මේ බමුණු කුලයට වෙනත් පාර්ශ්වයකුත් එකතු වෙනව. පහුගිය පළාත්  පාලන ඡන්දෙට මාලිමාවෙන් තරඟ කරන්න දමපු හුඟක් අය පොහොට්ටුවෙ බිස්නස්කාරයො, ස්ත්‍රී සොඩාලා, ඒ අය මේ වැඩේට සෙට් උනේම නගරාධිපති පට්ටමක් ගන්න වගේ උන්නතිකාමී උවමනාවන් එක්ක. මේ අයට තිබුණ ප්‍රශ්න තමයි, මම මෙච්චර අරගෙන එනවා, මට මොනවද දෙන්නෙ? වගේ ප්‍රශ්න. අපි දන්නම තවත් අපේක්ෂයෙක්, එයා පළාතෙ ගැහැණු සොඩෙක්, ගෝඨාභය ගේන්න ඡන්දෙ දීපු වැඩ කරපු කෙනෙක්. මෑන්ගෙ මාලිමා  ඡන්ද ව්‍යාපාර වැඩ කරන්න කොල්ලො සෙට් එකක් හදාගත්ත, ඒ අයට හැමදාම හැන්දෑවට බොන්න දුන්න. නගරාධිපති වෙන්නයි එයාගෙත් උවමනාව උනේ.

ඉතිං මේ ඉහ කියපු බමුණු කුලකයට මේ වගේ අයත් අයිති උනා.

ඊළඟට මේ පවතින  ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රලාපය හිස් මුදුනින් පිලිගන්න වමා වගේ සරසවි ඇදුරොත් මේ බමුණු කුලකය පෝෂණය කරපු අය. ඒ හින්ඳම වමා, හරිනිට පාර්ලිමේන්තු අසුනක් දුන්නත් එක්කම දැනට අවුරුදු කිහිපයකට කලින්ම කියන්න ගත්ත මාලිමාවේ ජනාධිපති අපේක්ෂකකම හරිනිට දිය යුතුයි කියල යෝජනාවක්. වමාලා කැමති බමුණු කුලේ දේශපාලනයට හරිනිව හොඳයි කියල එයාලට හිතිල තියෙනව.

ඉතිං කැට+අපේ මාධ්‍ය ඇමතිකමයි, කුමාරයෙක්+ අප්+ කෙරුවම අධිකරණ ඇමතිකමයි වෙන්නැති බමුණු කුලයේ ආයෝජන අවශ්‍යතාව.

ඉතිං මේ විදිහට එකතු කරගත්ත සෙට් එකක් එක්ක අනුර කුමාර කොහොමද මුන්දැලව පාලනය කරන්නෙ කියල තමයි ඔය පෝස්ටුවෙ යටි අරමුණ වෙලා ඇත්තෙ.

 

අර කව්දත් කියල තිබුණ අනුරල පළාත් පාලනේ දින්නම බලමුකො ප්‍රාදේශීය සභා සභාපතිල ගල්,වැලි,පස්, බොරළු, ගස්, කොන්ත්‍රාත් නවතීද කියල. එහෙම දේවල් නැතිව පවතීද කියල වගේ කතාවක්. අන්න ඒක නවත්තගෙන පළාත් පාලනේ ගෙනියන්න පුළුවන් වෙනවනම් තමයි බමුණු කුලකයෙන් බේරෙන්න පුළුවන්.

මේ විදිහට NPP ය හරහා නව ප්‍රභූ පන්තියක් ගොඩනැගෙන්න යනව කියල ජවිපෙ තවත් ක්‍රියාකාරිකයෙක් කීවෙ මෙහෙම  කතාවක්.

 

“යූඇන්පී හා පොහොට්ටු එකතුවක් තියෙන බව මුන් දෙගොල්ලම පිලිගන්නේ නෑ වගේ NPP කාටලයක් හදාගෙන ඉන්නවා කියලත් නොතේරෙනව හුඟක් අයට කියල. සිස්ටම් එකේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම තමයි උන්. අනුර සහෝ නෙවෙයි රනිල් ලොක්කගෙ වැඩේ ගෙනියන්නෙ මුන් තමයි, ඉතිං ඒකට රිදෙන්න ගහන්න ඕනෙ” කියල.

 

කැනිස්ටර්  එක නොගලවා මුහුණු පොතේ දාපු පෝස්ට් එකට දැන් පිටින් ඉඳන් කැනිස්ටර් එක ගලවන්න ඉඩක් ලැබෙන්නෙත් නැති වෙයි.

අපි දන්නෙ නැහැ ඔන්න, අනුර සහෝල නෑසූ කන්වලා හිටියොත් අර මීඩියා වැඩේ - පක්ෂය ඇතුලෙන්ම බඩු බනිස් වෙයි කියලයි - කසුකුසුව යන්නේ.

 

#slleader Gossip

        

  

නවතම ලිපි