SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දියවන්නාව වටේ ස්පා 625ක් තිබීම ඩයනාට ප්‍රශ්නයක්ලු..!

“අපේ මන්ත්‍රීවරුන්ටත් යන්න බැරියැයි” රනිල් කියයි..

 

''ජනාධිපතිතුමනි, කොළඹ අවටයි රටේ හැමතැනමයි ස්පා දාල තියෙනවා කෙළවරක් නැතුව.

අපි මේවා නියාමනය කරන්න ඕනෑ.''

මෙම යෝජනාවට සභාවේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවුණි.

 

''නෑ... නෑ... ජනාධිපතිතුමා ඕවා කරන්න යන්න එපා මේ වෙලාවේ. මිනිස්සුන්ගේ රස්සාත් නැති වෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.''

මිලාන් ජයතිලක, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් මෙලෙස සිය විරෝධය ඉදිරිපත් කළෝය.

 

''බලන්න ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව අවට මේ ස්පා හයසිය විසිපහක් තියෙනවා.''

ඩයනා නැවතත් කරුණු පැහැදිලි කරන්නට විය. කෙසේවෙතත් ජනාධිපතිවරයා සිනහසෙමින් ඊට ලබාදුන්නේ අපූරු පිළිතුරකි.

 

''අපේ මන්ත්‍රීවරුන්ටත් යන්න බැරියැයි...

ඔබතුමිය මට කියන්නේ මේවා වහලා දාන්න කියලද?

මේවා වහල දැම්මොත් දහස් ගණනකට රස්සා නැති වෙනවා.

ඒ නිසාම මේ වෙලාවේ අපි නැති ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑ.''

ජනපති සීරුමාරුවට එම ගැටලුව මග හැරියේය.

 

@deshayaGossip

නවතම ලිපි