SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ අතර සිදු වන සාකච්ඡා

රටේ අනාගතය වෙනුවෙන් සිදුකරන ඒවා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරන බවයි "ලංකා සී නිවුස්" වාර්තා කර ඇත.

ඔවුන්ගේ සාකච්ඡාවලින් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන බව ඔහු කියයි.

 

අදාළ සාකච්ඡා සඳහා ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවෙකු සහභාගි නොවන බව පැවසූ සාගර කාරියවසම් ඒවායෙන් දැනගන්නට අවශ්‍ය දේ පමණක් දැනුම්දෙන බවද සඳහන් කරයි.

 

පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින්  සාගර මෙම  අදහස් පල කර ඇති අතර වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් “ද ලීඩර්” ගොසිප් තීරයේ සඳහන් කර තිබුණේ පැයක පමණ කාලයක් පැවති  මෙම හමුව සඳහා ජනාධිපති කාර්‍යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද එක්ව සිටි බවය.

 

එකී පුවතේ සඳහන් ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විශේෂ කරුණු කිහිපයක් ගැන එහිදී සාකච්ඡා වූ බව ආරංචි බව කියා ඇත. 

තවද මෙහිදී විශේෂයෙන්ම නිමල් ලංසා ඇතුළු පොහොට්ටු ජ්‍යෙෂ්ටයින් කිහිප දෙනෙක් එක්ව සිදු කෙරෙමින් පවතින නව සන්ධාන පක්ෂයේ ප්‍රගතිය පිළිබඳව ද දෙදෙනා අතර සාකච්ඡා වූ බවද සඳහන්.

නවතම ලිපි