SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (12) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

 

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම සියළුම ක්‍රීඩාවන් සඳහා දේශපාලන ඇඟිලිගැසීම් පවතින අතර වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාගේ ධූර කාලය තුළ එය වඩාත් උච්ඡ තත්වයට පත්ව තිබුනි. එම හේතුවෙන් ලංකාවේ විවිධ ක්‍රීඩාවන් සඳහා ජාත්‍යන්තර  තරඟ තහනම් වීම් දක්වා එය වර්ධනය වී තිබුණි.

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අඛණ්ඩව එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) දැඩි අවධානය යොමුවී තිබුනි. 

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අයි.සී.සී. ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගතහොත් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මරු පහරක් වන්නට නියමිතව තිබුනි. එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලිය ඇතුළුව අයි.සී.සී.ය සංවිධානය කරන සියලුම තරගාවලි සහ අයි.සී.සී. පිරිනමන මුදල් අහිමිවන්නට ද ඉඩ තිබුනි.   

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට ක‍්‍රීඩා අමාත්‍යංශය මැදිහත්වීමේ චෝදනාව මත අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පසුගිය ජනවාරි මස 21 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තහනමක් පැනවූ අතර  මේ වන විට එම තහනම තාවකාලිකව  ඉවත් කර ගැනීමට ජනාධිපතිවරයාටද මැදිහත්වීමට සිදුවී යැයි පැවසේ.

පසුගියදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර තිබුණේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ක්‍රීඩාවන් නිදහසේ පවත්වාගෙන යෑම සඳහා ස්වාධීන ක්‍රීඩා පනතක් සකස්කරන බවය.

එසේ නොවුනහොත් පත්වන හැම ක්‍රීඩා අමාත්‍යවරයෙක්ම තමාට අවශ්‍ය ආකාරයට, තමන්ගේ හිතවතුන්ට උවමනා ආකාරයට පනත් සංශෝධනය කරමින් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලංකාව අපකීර්තියට ලක්වන ආකාරයට කටයුතු කෙරෙනු ඇත.

කෙසේ වුවද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට මෙම අධිකරණ තීන්දුව මගින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව විචාරකයින්ගේ මතය වී ඇත.

නවතම ලිපි