SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඩාර්ලි පාරේ පිහිට් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අද රැස්විය.

ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

පක්ෂයයේ මහ ලේකම් දයාසිරි ජයසේකර එම තනතුරින් සහ පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසු මධ්‍යම කාරක සභාව රැස්වුණේ ප්‍රථම වතාවටය.

මධ්‍යම කාරක සභාව සඳහා ආරාධනා කර තිබුණේ දයාසිරි විරෝධී කණ්ඩායමට පමණක් බවට එහිදී චෝදනා එල්ල විය.

 

හිටපු පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි තමන්ගේ නම අවසන් මොහොතේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගිවන අමුත්තන්ගේ නාමාවලියෙන් කපාහැර තිබීම සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආවේගාත්මකව පැමිණිලි කර ඇත.

‘මෙහෙම කොහොමද සර් පක්ෂය ඉස්සරහට අරගෙන යන්නේ’ යැයි කියමින් එහිදී ගාමිණී තිලකසිරි උස් හඬින් කතා කර ඇති අතර අවසානයේ සභාපතිවරයා ඔහුව ඇතුලට කැඳවාගෙන ගියේය.

 

මේ අතර , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත්කර ඇත.

 

@cnews

කාටූන් චිත්‍රය - adaderana

නවතම ලිපි