SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපේක්ෂක බාල්දියේ නිර්මාණකරු කව්ද?

පහුගිය දවස්වල ජනාධිපතිවරණ කසු කුසුව මහ ඉහළින්ම කතාවෙන්න ගත්ත එක ප්ලෑන් එකක්ලු.

මේක අලි පාටියෙ ලොක්කගේ මීඩියා ටීම් එකේ තවත් උප්පරවැට්ටියක් ලු.

 

එහෙම නැතුව මේ කඩි මුඩියෙ ජනාධිපතිවරණයක් තබා සමූපකාර මැතිවරණයක්වත් තියන්න තරම් තවම කෙලින් හිටගන්න රටේ කිසිම ප්‍රධාන පෙලේ පක්ෂවලට බැරුවලු ඉන්නෙ.

ඔන්න ඉතිං පහුගිය දාක මාලිමාවට ඡන්ද බාල්දියක් පෙරළන්න කට්ටියක් ප්ලෑන් කරාලු. මේකට පක්ෂයේ අභ්‍යන්තරයේ කීප දෙනකුත් හවුල් උනාලු. ප්ලෑන් එක තමයි මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවට වෙන කෙනෙක් නම් කිරීම. ඒක දේශපාලන මණ්ඩලයට ගෙනල්ලා නම් දෙක සම්බන්ධයෙන් කතාබහක් ඇති කරන්නලු උත්සාහ ගත්තේ.

මුලින් නම් ආරංචි වෙලා තිබුණෙ මේක කරන්න හදන්නේ සීනුවේ පර...ණම අය කියලලු.

පළාත් පාලන මැතිවරණයක් කැඳවල ඇතිවෙච්ච රැල්ලත් එක්ක රටේ මහපක්ෂවලට එලොව පොල් පෙනිල තිබුණු නිසා, රටේ මිනිස්සුන්ට කන්නත් නැතිව මොන මැතිවරණද? කොහේ තියෙන සල්ලිද? කියල ඒ ඡන්දෙත් කල් දැම්ම නෙ අලි පොහොට්ටුවේ ලොක්ක.

ඔන්න ඒ අල්ල පනල්ලෙ ආයෙත් ජනාධිපතිවරණයක් ගැන රනිල් ලොක්කගෙ මාධ්‍යකාරයො ටික තවත් ගේමකට අර ඇදල. ඒ සෙට් එක තමයි දැන් රටේ හැම එකක්ම රන් කරවන්න හදපු ලොක්කගෙ මාධ්‍ය මාෆියාව.

ඒක ඉතිං පහුගිය දශක ගණනාවක් පුරා රාජ්‍ය බලය වෙනුවෙන් හැදුනු මාෆියාවක්නේ.

හැබැයි මෙදාපාර රනිල් ලොක්කගේ අරමුණ ෆේල් උනාලු.

 

මොකක්ද මේ අරමුණ?

කව්ද මේ ෆේල් වෙන ප්‍රොජෙක්ට් එක ගෙනාවෙ?

 

මාලිමාවයි  සීනුවයි එකට තියෙන හින්ඳ ඡන්දයක් තිබ්බොත් මාරුවෙන් මාරුවට බලය ගත්තු දක්ෂිනාංශික පක්ෂවලට නම් අබ සරණයි කියල තමයි ඔන්න ඔය සෙට් එක කතාවෙලා තිබුණෙ.

ඉතිං අලි පොහොට්ටු ලොක්කගෙ මාධ්‍ය සෙට් එකට මේකට උප්පරවැට්ටියක් කරන්න ඔින කියල අයිඩියා එක  දීල තියෙන්නෙ කවදාවත් පක්ෂයක් හදාගන්න බැරි වෙච්ච පැන්ෂන් ගිය පශ්චාත් නූතනවාදී සංකේත පියෙක් කියාගත්ත කෙනෙක්ලු. මෑන් මේක කියල දීල තියෙන්නෙ සුපුරුදු විදිහටම රජුන් තනන මීඩියා වැඩේට එක්ස්පර්ට් වුනු ලොක්කටලු.

ඒත් මේ ලොක්කගේ මොකක්දෝ අපලයකට මෙදා පාර  පැන්ෂන් ගිය පශ්චාත් නූතනවාදී පත්තර කියවන්නාව විශ්වාස කරාලු.. ඒ උන්දෑ මාරම නම් දශක තුනකුත් ගෙවිල තවම පක්ෂයක්වත් හදාගන්න බැරිව පත්තර කියවයිදලු..

 

කොහොම කොහොම හරි ඉතිං දීල තියෙන උපදේසේ මෙහෙමලු.

“අපි කොහොම හරි මේ NPP එකයි JVP එකයි දෙකට කඩන්න ඔින.  ඒකට හොඳම වැඩේ තමයි ජනාධිපතිවරණයක් ගැන කතාව දාල ඒකෙ අපේක්ෂකකමට හරිනිව යෝජනා කරල රැල්ලක් හදන එක. එතකොට අනුරයට මළ පැනල NPP එකෙන් නෙවෙයි ජවිපෙන් තමයි අපේක්ෂකයා දාන්නෙ කියල බෙදීමක් ඇතිවේවි”

 

අනේ ඉතිං මේ පශ්චාත් නූතන යෝජනාව ඉස්මුදුනින් බාරගත්තු මීඩියා එක්ස්පර්ට් ගිහින් ලොක්කට කිව්වලු,

“සර් අපි මරු වැඩක් කරන්න හදන්නෙ. අනුරවයි, හරිනිවයි දෙකට බෙදුවම ඔය ජෙප්පො වටේ තියෙන රැල්ල ඉබේම අඩුවෙලා යාවි. ඔය පට්ටම ගන්න හරිනිටත් ලොකු උවමනාවක් ඇතිකරවන්න ඔින. බලයට කව්ද ආස නැත්තේ?  අපි හැම මීඩියා එකකම මේක පතුරවන්න ඔින. එතකොට එයාලගෙන යන යන තැන අහන්නේ ඔය ප්‍රශ්නය විතරමයි. මේක පත්තුවෙන වැඩක් සර්” කියල.

අර පශ්චාත් නූතනවාදියා පැන්ෂන් ගියපු එකෙක් කියල කට්ටියටම අමතක වෙලා දැන් මේක පත්තු කරන්න ගත්තලු.

 

ඔන්න සුදාගෙ ටින්ටින්ටින් නාලිකාවේ පත්තරේ කියවන්න යද්දි විස්ස විද්‍යාලයක දර්ශනය ආචාරියෙක් කියාගත්තු අසම බිමක කොට මෑන් කෙනෙක් ඇවිත් කියන්න ගත්තලු හරිනිට රාජ යෝගයක් තියෙනව කියලත්.

 

ඒක කිව්වට පස්සේ ජාතික පත්තරේක ඉන්ටර්වීව් එකකදි ඒගොල්ලො හරිනිගෙන් ඒ ප්‍රශ්නය ඇහුවලු.

“ඔබ නේද ඊලඟ ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාව?

හරිනි මෙහෙම කියනවා,

“නැහැ. එහෙම එකක් කොහෙවත් අපේ ජාතික ජන බලවේගයෙන්නම් කියලා නැහැ.”

හැබැයි කසු කුසුවක් යනවා නේද?

හරිනි ආයෙත් කියනවා

“කසු කුසුව යන්නේ වෙන අය.”

ඒ පත්තරෙන් මෙහෙම අහනවා හරිනිගෙන්..

මේ රාජයෝග එහෙම තියෙනවාලුනේ.. කේන්දරෙත් බලල තියෙනවාලුනේ  හරිනි. හරිනි තමයි ඊළඟ ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්න ඉන්නේ කියලා අපිට අහන්න ලැබෙනවා?

 

හරිනිගේ උත්තරේ මෙහෙමයි,

“කවුද දන්නැහැ මගේ කේන්දරේ බැලුවේ? කේන්දරේ බලපු එක්කෙනාගෙන් අහන්න වෙයි ඒක. මොකෝ මමනම් බලල නැහැ.”

 

අර පැන්ෂන් ගිය පශ්චාත් නුතනවාදී ලොක්ක හැමදාම ගැහැණුන් ගැන හිතන්නේ ම හරහට ලු. හිතුවොත් ඒක වරදිනවලු. ඉතිං එයා හිතුව මේ වගේ කතාවක් කිව්වම හරිනි ඒ ඇඳුම ඇඳගෙන යාවි කියල.

 

අනේ ඉතිං ලොක්කටත් කියල, විසිල් ගහල, හුරේ දාල පත්තු කරපු මීඩියා ගේම ලත් තැනම ලොප් වෙලා, දැන් NPP එක එයාලගෙ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාරය කියල ඔන්න හෙළි කරලම දාල.

හැමදාම මීඩියා ගේම් වලට එක්ස්පර්ට්ටත් මේ කොහේද යන හිස්ටරිකයෙක් නිසා කවදාවත් නැතුව  තමන්ගේ වැඩේ ෆේල් කරගන්න උනාලු.

නාට්‍යකාරයෙක් වෙන්න ගිහින් පය පැකිලිල විසිවෙලා ගිහින් දේශපාලන කණ්ඩායමක් හදාගන්න සිද්ධ වෙච්ච, ඒකත් සුනාමියට අහුවෙලා මුහුදට වැටෙද්දි යන්තන් සුදා හින්ඳ ටින්ටින්ටින් පත්තර විස්තර මෑන් හින්ඳයි ෆේල් උනේ කියල වටේ ඉන්න අයගෙනුත් උන්දැට දෝස් මුරේලු...

 

@slleader Gossip

පින්තූරය - Deshaya Gossip

නවතම ලිපි