SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විද්‍යාඥයන් මවිතයට පත් කළ ‘රත්තරන් බිත්තරයක්’ ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් හමුවී තිබේ.

බිත්තරයක් යැයි සැක කරන මෙම අබිරහස් වස්තුව සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම සිදුවෙයි.

 

එය ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති දෙයක් යැයි මූලික පරීක්ෂණවලින් හෙලි වී අවසන්ය.

 

බිත්තරයක හැඩැති මෙම වස්තුව පුපුරා ගොස් ඇති අතර, ඒ තුළින් යම් ජීවියෙක් පිටතට එන්න ඇතැයි සැක කෙරේ.

කෙසේ නමුත්, මේ වස්තුව කුමන සතකුගේ බිත්තරයක්දැයි කිසිවකු නොදනී. මෙවැනි වස්තුවක් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

 

මෙම අබිරහස් වස්තුවේ පළල සෙන්ටි මීටර් 10 කි. මෙය, සැබැවින්ම බිත්තරයක්නම්, මුහුදු පතුලෙන් මෙතෙක් සොයා නොගත් ජීවියකුට අයත් බිත්තරයක් විය හැකි යැයි විද්‍යාඥයන් මාධ්‍ය හමුවේ පෙන්වා දි තිබේ.

 

මෙම ‘බිත්තරය’ සොයා ගත්තේ ඇමෙරිකාවේ සාගර සහ වායුගෝලීය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් මුහුදු පතුල ගවේෂණය කරමින් සිටිද්දීය.

 

@newsi.lk

නවතම ලිපි