SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් (UL, Colombo International) පුද්ගලීකරනය සඳහා ශ්‍රී ලංකා රජය විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින අතර

ch-aviation  විසින් කරන ලද වාර්තාවකට අනුව කියැවෙන්නේ රජය  විවිධ පෞද්ගලික ආයතන සහ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.  මෙහිදී ශක්‍යතා සහිත ආයෝජකයින් අතර එමිරේට්ස් (EK, Dubai International), ටාටා සන්ස් සහ අදානි සමූහය වැනි සුප්‍රසිද්ධ නම් ද

ඇතුලත් ය. 

 

ඉන්දියාවේ, බංගලාදේශයේ සහ නේපාලයේ ගුවන් සේවයේ ප්‍රාදේශීය කළමනාකරු වීරපෙරුමාල් රවීන්ද්‍රන්, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගුවන් සේවය වර්ධනය අරමුණු කර ගනිමින් The New Indian Express සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම තොරතුරු හෙළි කර ඇත.

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළැඹෙන ශීත සෘතුවේදී කොළඹ සහ තිරුවානන්තපුරම් අතර සිය සේවාවන් වැඩි කිරීමට ද  සැලසුම් කර ඇති බව ඔහු පවසයි. මීට අමතරව, එය Kochi International වෙත සතිපතා ගමන් වාර 10ක් ලෙස පවත්වා ගෙන යාමටත්, යොදාගත හැකි ගුවන් යානා අනුව  කෝචිකෝඩ් වෙත නව ගුවන් ගමන් මාර්ග නිරීක්ෂනය කිරීමටත් අදහස් කරන බව කියැවේ. වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බැවින්, ගුවන් සේවය සඳහා ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරමින්, පසුගිය මාස හත තුළ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගමනාගමනයේ සැලකිය යුතු වැඩි වීමක් සිදු වූ බව ද  වීරපෙරුමාල් රවීන්ද්‍රන් සඳහන් කරයි. කෙසේ වෙතත් ඔහු, දැනට සිදුකෙරෙන පෞද්ගලීකරණ සාකච්ඡා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දී නැත.

 

එයාර් ඉන්දියා, එයාර් ඉන්ඩියා එක්ස්ප්‍රස්, විස්තාරා සහ එයාර් ඒෂියා ඉන්ඩියා හි මව් සමාගම වන ටාටා සන්ස්, ශ්‍රී ලංකාවේ රජය සතු ගුවන් සේවයේ ශක්‍යතාවන් සහිත ආයෝජකයෙකු ලෙස කාලයක පටන් සලකනු ලැබිනි. ඊට අමතරව, Adani සමූහයේ මැදිහත්වීම මෑත කාලීන වර්ධනයකි. සමූහයේ සභාපති ගෞතම් අදානි, නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව තුළ බහුවිධ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින්, ජූලි මාසයේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉන්දීය දෙදින සංචාරයේදී ඔහු සමඟ සාකච්ඡා කර ඇති බවද සඳහන් ය. එහෙත් ආරංචිමාර්ගවලට අනුව කියැවුනේ එම හමුවේදී විවිධ මාතෘකා ඇතුළත් වූවද  ගුවන් සමාගම ගැන සඳහනක් නොකළ බවයි.

 

ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ එමිරේට්ස් හි ඉතිහාසය 1998 වසර දක්වා දිව යන්නේ එය වසර දහයක කළමනාකරණ සහනයක් සමඟින් ගුවන් සමාගමේ සියයට 43.63 ක කොටස් හිමිකර ගැනීමෙනි. 

 

කෙසේ වෙතත්, එමිරේට්ස් ස්ථාපිත කර ඇති විධායකයින් සහ ශ්‍රී ලංකා රජය අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් 2008 දී එමිරේට්ස් සිය කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමට තීරණය කළේය.

 

පසුව 2010 දී ගුවන් සමාගම එහි කොටස් කොළඹට ලබා දුන් අතර එතැන් සිට උපායමාර්ගික ආයෝජකයෙකු සොයා ගැනීමට ලංකාව ගත් උත්සාහයන් අසාර්ථක විය.

 

2022 මැයි මාසයේදී එවකට අගමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතිඥා දුන් පරිදි පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවය රාජ්‍යය මත යැපීම වෙනුවට එහි ආධායම් ඉපැයීම ඇතුළුව ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම, නැතහොත් පෞද්ගලීකරණය කිරීම අරමුණු කර ගෙන ඇත.

නවතම ලිපි