SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැතිසබේ මේ සතිය වෙන් උනේ සෞඛ්‍යයට ගේම දුන්න කට්ටියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නයි.

පොහොට්ටු පක්ෂයේ කට්ටියට මේ දින දෙක තුන අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එන්න කියලත් විදේශ සංචාර නවත්වන්න කියලත් පහුගිය දවස්වල වේලාසනම පණිවුඩයත් දීල තිබුණා.

කොක්කෙන් හරි කෙක්කෙන් හරි කොච්චර වැරදි තිබුණත් කෙහෙලියට එරෙහි විශ්වාස භංගය පරද්දල දාල කොහෙලියගෙත් ආණ්ඩුවේත් ජාමෙ බේර ගන්නයි සැලැස්ම තිබුණේ. සෞඛ්‍යයේ වැළලීමවත් මිනිස්සුන්ගෙ වැලපීමවත් එව්වොන්ට අදාළ වෙලා තිබුණෙ නැහැනෙ.

 

ඔන්න හත් ඉලව්වයි  ඒ අස්සේ ආවෙ චැනල් 4 මහා පරිමාණ චිත්තරපටි කතාව. ඒ වීඩියෝවෙ අළුතින් තිබුණු බළල් බෙට්ටක්වත් නැති උනත් දන්න ටිකට අළුත්  මුහුණු දාල කරපු පික්චැර් එක බලන්න සෙනග රැස් උනේ කෙහෙලිය ලොක්කව සම්පූර්ණයෙන්ම අමතක කොරල. අමතක කොරල නැත්නම් අමතක කරවන්නම සැට්වෙලා.

 

හැම සිකුරාදම ජනපති eකොළම ලියන අශෝක ජයතුංග මෙදා පාර හිටු කියල ඒ සිද්ධිය දෙසාබාල තිබුණේ දුකෙන්ද සතුටින්ද කියල හිතාගන්න බැහැ.

මොකද කපටි නරියගෙ ළඟම තොරතුරු ගෙන එන අශෝකට කෙහෙළිය ගැනනම් ආංශු මාත්තරයක කැමැත්තක් තිබුණෙ නැතිබව අපිට පහුගිය කාලෙ පෙනුන නොවැ.

බලමුකෝ... අශෝක මොකාටද එන්න හදන්නෙ කියල.

 

චැනල් 4 හරහා කෙහෙළියට ස්වීප් ඇදෙයි.

සෞඛ්‍යට දීපු විවාදෙදි විපක්ෂය කතා කළේ චැනල් 4 ගැනයි

(අශොක ජයතුංගගේ e කොළම)

 

බ්‍රහස්පතින්දා ලේකම් කාර්යාලයට පැමිණි රනිල් සුපුරුදු කතාබහට එක්වූහ.

 

"චැනල් 4 වීඩියෝව ගැන මොකද කියන්නෙ" මාධ්‍යකරුවෙකු ඇසුවේය.

"පාස්කු ප්‍රහාරය අමානුෂිකයි. ඒත් මිනිස්සු දැන් ඒ පරිච්ඡේදය අතීතයට එක්කරල තියෙන්නෙ. මාධ්‍යවලට නිවුස් නැති එකට ඒ වීඩියෝව උත්තරයක් වුණා විතරයි"

උපදේශකයෙකු කීය.

 

ජනපති සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.

"බයවෙලා හැංගිලා හිටපු කෙහෙළියටයි චැනල් 4 න් වාසිවුණේ. කෙහෙළියයි සෞඛ්‍යයි ගැන කතා කරන්න විවාදෙ දුන්නට විපක්ෂය ඒක අමතක කරල චැනල් 4 ගැන කතාකලා"

රනිල් කීවේ සිනා මැදය.

"පාස්කු මහමොලකාරයෙක් ගැන කතා වුණා. කාදිනලුත් එහෙම එකක් කිව්වා. මොලකාරයො අතරින් මහ මොලකාරය තෝරන්න පාර්ලිමේන්තුවට දුන්නා"

ඔහු තවදුරටත් කීවේ උපහාසයෙනි.

 

"සලේට විරුද්ධව චෝදනායි නොයෙක් කතායි මේ වීඩියෝවෙ වගේම ඊට කලිනුත් තිබුණා. දැන් එදා හිටපු පොලිස්පතිලයි නීතිපතිලයි අනිත් ඔක්කොමත් තේරීම් කාරක සභාවට ගෙන්නල ප්‍රශ්න කරල මේක විසඳගන්න පුළුවන්. එතකොට සලේල රාජපක්ෂල ගෑවිලා නම් එළිවේවි. සලේට දැනටත් එයාගෙ පැත්තෙන් ප්‍රකාශ ලියකියවිළි තියෙනව නම් ඉදිරිපත් කරන්න පුළුවන්"

නීති අංශ ප්‍රධානියෙකු කීවේය.

"චැනල් 4 වීඩියෝව කාට නැතත් කෙහෙළියට නම් ස්වීප් එකක්.

කෙහෙළියයි සෞඛ්‍ය ගැනයි දින තුනක් කතා කරන්න කරුණු නෑ.

එක දවසක් දුන්නම විපක්ෂය දින 03 ක් ඉල්ලුවා.

ඊට පස්සෙ විවාදෙ මඟ ඇරියා.

බල්ලො නාවන ගානටයි විපක්ෂය මේ විවාදෙට ඇදගෙන ආවේ.

ඒ ඇවිල්ලත් කතා කළේ වෙන වෙන ඒවා"

එහිදී කියවින.

 

"පාර්ලිමේන්තුවෙදි දිනුවත් මහපොළොවේ විශ්වසෙභංගය පරාදයි කියල රාජිත කිව්වා"

මාධ්‍ය පෙන්වා දුන්නේය.

 "අඩුපාඩු හදාගෙන නිලධාරීන් බැලන්ස් කරන එක කෙහෙළියගෙ වගකීමක්. නැත්නම් දිගටම පහර දේවි"

ජනපති කීය.

 "ඔබතුමාගෙ කාළෙ විපක්ෂය වගේ මෙයාලට විශ්වාසභංගය ශක්තිමත්ව ගෙනියන්න අමාරු වුණා.

සජිතුයි හර්ෂයි විවාදෙ අල කලා කියන මන්ත්‍රීලත් ඉන්නවා"

මහාචාර්ය ආශු කීවේ සිනා මැදය.

 

ඔන්න ඔහොමයි මේ සතියෙ කපටි නරියගෙ එපිසෝඩ් එක අශෝක කියල තිබුණෙ.

 

#slleader Gossip

නවතම ලිපි