SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දයාසිරි පන්නා ශ‍්‍රීලනිපය ලංසා වංගුවෙන් ගෙඩිය පිටින් රනිල්ට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරව නෙරපීම එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා පෙර සූදානමක් යයි ආරංචි මාර්ග වාර්තා කරයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය සහය දැක්වීමේ යෝජනාවට දයාසිරි ජයසේකර තදින් විරුද්ධ වී ඇතැයි ද වාර්තා වේ.

 

ඒ වෙනුවට ඔහු ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් අපේක්ෂකයෙකුගේ නායකත්වයෙන් යුත් සන්ධානයක් සඳහා සහාය ලබා දිය යුතු බවයි.

දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මූලික වී තිබේ.

 

මේ වන විටත් නිමල් ලන්සා මන්ත්‍රීවරයා විසින් සම්බන්ධීකරණය කරමින් සිටින නව දේශපාලන සන්ධානය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් සමීපව කටයුතු කරමින් සිටිනබව දේශපාලන ආරංචිමාර්ගවලින් මීට පෙර ද වාර්තා වී තිබුණි..

 

එම නව සන්ධානයද මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට  සහාය දීමට බිහිවුනු දේශපාලන සන්ධානයකි.

@Cnews පුවතක්

නවතම ලිපි