SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත් කර පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරා යෑමකට ලක්වෙලාය.

තමන්ව එම තනතුරෙන් නෙරපා හැරීමට පක්ෂය තුළම පිරිස් උත්සාහ දරන බවත්, පක්ෂය තුළ මතවාදී බෙදීමක් පවතින බවත් මහලේකම් දයාසිරි පසුගිය ඉරිදා පැවැති පක්ෂ සම්මේලනයේ දී සඳහන් කලා..

 

එහිදී මහජන සහයෝගය නොමැති ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායම පවසා ඇතැයි මාධ්‍ය වාර්තාවලත් තිබුණේය.

 

මෑතක සිට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වික්‍රමසිංහ ආණ්ඩුවට එක්වීමේ උවමනාවකින් පසුවන බවට විවිධ කටකතා පැතිරුනු අතර ඊට අදාළ මූලික හේතුව කුමක්ද යන්න හෙළිදරව් වූයේ මේ අව් අස්සේදීය.

 

මන්ද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාම රනිල් වික්‍රමසිංහ යටතේ  මෙම ආණ්ඩුව පිහිටුවද්දී ඊට එරෙහිව ප්‍රභලවම විරෝධය දැක්වූවෙක් විය. නමුත් මෑතක ඔහුගේ මෙම වෙනස්වීමට හේතුව ඔහුට පවතින නඩු හබ නිසායැයි දේශපාලනයේ නිරත බොහෝ පිරිස් රාත්‍රී හමුවීම්වලදී කතාබහට ලක්කර ඇත.

 

විශේෂයෙන්ම ඊයේ දිනට යෙදී තිබූ සිරිසේන ජනාධිපතිවරයාට එරෙහි මොන්ටේගු සරත්චන්ද්‍ර නඩුව සම්බන්ධයෙන් ඔහුගේ සභාපති ධූරය අත්හිටවූවොත් පක්ෂයේ තීන්දු තීරණ බලය යන්නේ මහලේකම්ටය යන්න මෙම සිදුවීමට මූලිකම ගැටළුව යන්න ‌දෙකක් දාගත් පිරිසගේ කතාබහට පෙරෙයිදා රැයේ ලක්වී ඇත.

 

ඒ අනුව මෛත්‍රීගේ සාධාරණ භය වූයේ දයාසිරි ජයසේකර තම සභාපති පුටුවට ගේමක් දේවිදෝ යන්නය. මේ නිසාම මහලේකම් ධූරය හැරෙන්නට වෙනත් ඔිනෑම තනතුරක් දයාසිරි වෙත දෙන්නම් යැයි මෛත්‍රී කියා සිටියද ඊට දයාසිරිගේ නොකැමැත්ත පල කර තිබෙනවාලු.

 

කුමන්ත්‍රණයේ තවත් පැත්තක් වන්නේ මහලේකම් ධූරයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාව ඉවත් කරන්නටත් පෙර දින රාත්‍රියේ අලගියවන්න සූරීන් විසින් දයාසිරි අස්කරනවා කියා ඔිනෑම ගණනකට යටත්ව ඔට්ටුවක්ද ඇල්ලීමය.

 

කෙසේ වුවත් slleader Gossip තීරයට වාර්තා වන පරිදි මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කිරීම පිටුපස, මේ වන විට ආණ්ඩුව සමග එක්ව සිටින ශ්‍රීලනිප කණ්ඩායම සිටින බව කියැවේ.

 

පසුගියදා පැවැති පක්ෂ සම්මේලනය කුරුණෑගල හෙට්ටිපොලදී පැවැත්වීමට දයාසිරි ජයසේකර කටයුතු සංවිධානය කර තිබුණද, මහින්ද අමරවීර ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමේ බලපෑම මත, අවසානයේ සමුළුව කොළඹදී පැවැත්විණි.

 

එනමුත් කැඩී බිඳී විසිරී සිටි ලංකාවේ ප්‍රබලතම පක්ෂයක් වූ  ශ්‍රිලනිපය ඉතා කුඩා සාමාජික පිරිසකගෙන් සමන්විතව පවතිද්දීත් අද යළිත් පැහැදිලිවම එයද කොටස් දෙකකට බෙදී වෙන්වී ඇත. ඒ දයාසිරි පිල සහ මෛත්‍රී පිලයි.

 

@sileader Gossip

නවතම ලිපි