SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය ඇමති උන්දෙක්  මාදිවෙල මන්ත්‍රී නිල ගෙදර ඉදිරිපිට දී එයාට රජයෙන් දීපු පිස්තෝල ගිනි අවියකින් 

අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරලාය කියල  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවාලු.

 

අධික ලෙස බීම නිසා සූර් වැඩිවී මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය ගෙන ගොස් එම මන්ත්‍රීවරයා  එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර ආතල් එකක් ගත් බව  එම ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් කියවෙනවාය.

 

මේ රාජ්‍ය ඇමතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීත් මෙවැනිම වූ  ආන්දෝලාත්මක  වැඩ කරමින් සමාජය එන්ටර්ටේන් කරමින්  සමාජය අතර කතාබහට  පවා ලක් වූවෙක් ලු.

 

පෙරේදා (5) රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් උසස් නිලධාරීන් ද දැනුම්වත් කරා කියලයි ආරංචිය. ඒත් කොස් ගෙඩියක් තරම්වත් ඒවා නොවටිනා නිසා තවමත් මොකුත් ගැටළුවක් නම් නෑලු.

කුසගින්න නිමාගන්නට කොස් ගෙඩියක් කරේ තබාගෙන තම දරුවා සමග  පාරේ යන මගියෙකුගෙන් ප්‍රශ්න කරන වේගයට මෙවන් ශබ්ද නොඇසෙන්නේ මන්ද යනුවෙන් පෘතග්ජනයෝ නිකරුනේ ප්‍රශ්න නගනවාය කියලයි රජයේ ඇත්තෝ නම් කියනවාය කියන්නේය.

 

ඒ හින්ඳ ඒ ඇත්තොන්ගේ අම්මලා සුවපත් වෙන්ටයැ කියලලු නිතරම කට්ටිය කතා වෙනවාය කියන්නේ. අනේ ඉතිං අසරණ අම්මලා මොනවා කරන්නද සුවපත් ම වෙන්ට ඔිනෑය.

ඒකයැ වැඩේ... ඔය ආණ්ඩුවේ ඇත්තන්ට සුපර් මාර්කට් යන මීඩියා ඇත්තොන්ටත් ලොහාංගේ නම ලියවෙන්නෙ නැතිලු පෑනේ තීන්ත අහවර වෙලාය කියලයි කියන්නේ. ඔය සෙල්ලම් ඉතිං මේන් කියද්දි යට යාවි නොවැ.

හපොයි අපි ගිහින් එන්නම්.

 

@slleader gossip

නවතම ලිපි