SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරයට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආගමික උත්සවයක් පැවැත්වුණු අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් හිටපු නායකයින්ට පුෂ්පෝපහාර දක්වා ඇත.

මෙම අවස්ථාවට වර්තමාන පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී නොවීම විශේෂත්වයකි.

 

මේ සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂයේ ජාතික සංවිධායක සහ ජනාධිපති ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, නියෝජ්‍ය ලේකම් රවී කරුණානායක, පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, විධායක අධ්‍යක්ෂ ශාමල් සෙනරත් ඇතුළු පිරිසක් එක්ව ඇත. 

 

unp1unp2unp3unp4unp5unp6unp7unp8unp9unp10unp11unp12unp12

නවතම ලිපි