SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉවත් වී ඇත.

දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කර ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීරිපාල සිරිසේනගේ අත්සනින් යුතුව ලිපියක් ද යොමුකර ඇත..

 

කෙසේ වුවත් ආරංචිමාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම තහනම් කර තිබෙන බවයි.

ශ්‍රිලනිප දේශපාලන මණ්ඩල මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා  වෙත ලිඛිතව මේ බව දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

ඒ අනුව ජයසේකර මන්ත්‍රීවරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරි දෙසතියක කාලය ඇතුළත අදාළ චෝදනා පත්‍රය ලබා දෙන බවත් අදාළ ලිපියේ සඳහන් කර ඇත.

ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා සරත් ඒකනායක පත් කර ඇත.

 

d 4

 

පොහොට්ටු මන්ත‍්‍රීන් තිදෙනෙක් ඉල්ලා අස්වේ!

 

4545 2

 

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් පිරිසක් ඉන් ඉල්ලා අස්වී තිබේ.

එසේ ඉල්ලා අස් වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන්නේ එස් බී දිසානායක, ධම්මික පෙරේරා, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ය.

 

ඒ අනුව පුරප්පාඩු වූ එම තනතුරු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මංජුල දිසානායක පත් කර තිබේ.

 

පුවත් අනුග්‍රහය lankacnews

නවතම ලිපි