SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2023 ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති නජාම් සේති (Najam Sethi) දැඩි චෝදනා එල්ල කර ඇත.

මෙම තරගාවලියේ ප්‍රධානම තරගයක් වන ඊයේ පැවති ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය වර්ෂාව මත අතහැර දැමීම හේතුවෙන් ඔහු මෙම විවේචනය එල්ල කර තිබේ.

 

එහෙත් පසුගියදා මෙරටට පැමිණි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වර්තමාන සභාපති ජේ ෂා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි. මෙම අවස්ථාව සම්බන්ධීකරණය කර තිබුණේ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර විසිනුයි.

 

WhatsApp Image 2023 09 02 at 16.58.58

 

මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය පාකිස්තානය දරද්දී ඉන් තරඟ 9ක සත්කාරකත්වය ලංකාවට හිමිවීම මේ වනවිට දුර්මුඛව පවතින ලංකාවේ ආර්ථිකයට සහ විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට වටිනා අවස්ථාවක් බවයි විචාරකයින් පවසා ඇත්තේ.

 

asian cup

කෙසේ වුවද ආසියානු කුසලාන තරගාවලිය දුර්වල කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙත නජාම් සේති හිටපු සභාපතිවරයා දැඩිව දොස් පවරා ඇත.

මෙම කාලයේ ශ්‍රී ලංකාවේ වර්ෂාව ඇතිවුන ඇති බවට පුරෝකතනය කර තිබියදීත් ශ්‍රී ලංකාවේ එම තරඟ පැවැත්වීමට තීරණය කිරීම වැරදි බව ඔහු පෙන්වා දෙයි.

පාකිස්තානයේ නොපවත්වන තරඟ ඩුබායිහි පවත්වන ලෙස තමන් ඉල්ලා සිටියද ඊට විරුද්ධ වීම සඳහා නිදහසට විවිධ කරුණු ඉදිරිපත් කරන ලද බවද ඔහු තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

නවතම ලිපි