SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා  (Jay Shah)

අද උදෑසන ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ  සභාපති ෂම්මි ද සිල්වා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් චන්ද්‍රසේකර  ජේ ෂා මහතා සමග ජනාධිපති වික්‍රමසිංහව හමුවී ඇති බව වාර්තා වේ.

 

මෙහිදී ජනපති අමතමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පවසා ඇත්තේ වර්තමාන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිව තිබෙන දේශපාලන ඇඟිලිගැසීම් නිසා නොවැම්බර් වනවිට ක්‍රිකට් තහනමක් පනවන්නට සිදුවන බවයි.

 

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජේ ෂා අමතා කියා ඇත්තේ මේ පිළිබඳව මේ වනවිටත් තමා අවදානය යොමුකර ඇති බවත් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම සියළුම ක්‍රීඩාවන් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව  පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ස්වාධීන ක්‍රීඩා පනතක් දැනටමත් සකස්කරමින් තිබෙන බවයි.

 

මෙහිදී නව ජාත්‍යන්තර ක්‍රීඩාංගන ඇරඹීම වෙනුවෙන් අවස්ථාවන් උදාකරන්නටැයි ජේ ෂා විසින් ජනාධිපති වික්‍රමසිංහගෙන්  ඉල්ලා සිටින ලද අතර ඒ සඳහා ගාල්ලෙන්, යාපනයෙන් සහ කොළඹින් අවශ්‍ය ඉඩම් ලබාදීමට ජනාධිපති එකඟ වී ඇත.

 

ඒ වෙනුවෙන් තම ස්තූතිය පලකරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පවසා ඇත්තේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා සෑම ගමකටම ක්‍රීඩා පිටියක් සහ පුහුණු අවශ්‍යතා සඳහා ඉන්දියාව ආධාර කරන්නට සූදානම් බවයි. එමෙන්ම ලංකාවට තවත් තරඟ අවස්ථා ලබාදීමටත් ඒ හරහා සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය සහයෝගය ලබාදීමටත් ඉන්දියාව සූදානම් බවත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා  වැඩිදුරටත් කියා ඇත.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ෂම්මි ද සිල්වා, ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු සභාපති සුදත් චන්ද්‍රසේකර සහභාගී වී සිටියද සුපුරුදු පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අවස්ථාවේත් නොසිටීම පිළිබඳව ජනාධිපතිවරයාගේ සැලකිල්ලට ලක්ව නැත.

 

WhatsApp Image 2023 09 02 at 16.58.57WhatsApp Image 2023 09 02 at 16.58.58 1WhatsApp Image 2023 09 02 at 16.58.58WhatsApp Image 2023 09 02 at 16.58.59

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි