SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇතැම් ඖෂධ සැපයීමේ පවතින ඒකාධිකාරයට තිත තබන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) උපදෙස් දී ඇත. 

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නියාමන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විවිධ සෞඛ්‍ය සේවා ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවකදී මෙම නියෝගය නිකුත් කර ඇත.

 

ඇතැම් ඖෂධ සඳහා තනි සැපයුම්කරුවෙකු මත යැපීම හා සම්බන්ධ බරපතළ ගැටලු පිළිබඳව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත. එවැනි ගැටළු මඟහරවා ගැනීම සඳහා සුදුසුකම් ලත් සැපයුම්කරුවන් කිහිප දෙනෙකු අතර ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු බෙදා හරින ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

ඖෂධ හිඟය, මිල ඉහළ යාම වැනි ගැටලු පාලනය කිරීමට තරගකාරීත්වය හඳුන්වා දෙමින් එක් එක් ඖෂධ සඳහා සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.

විශේෂයෙන්ම අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සැපයුම්කරුවන් සඳහා අවශ්‍ය නීතිරීති සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස අමාත්‍ය රඹුක්වැල්ල NMRA වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇත. 

මීට අමතරව, වසරක සැපයුමක් පවත්වා ගනිමින් ජීවිතාරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා කර ඇති බව සහතික කිරීම සඳහා ප්‍රතිපත්තියක් සැකසීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරී ඇත.

කෙසේ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බූධය උච්ඡතම අවස්ථාවට පත්වී තිබියදී හෝ යහපත් ක්‍රියා පටිපාටියකට පැමිණීමට උත්සාහයක් දැරීම පිළිබඳව විවිධ මත පළවෙමින් ඇත.

 

@Dailymirror   පුවත ඇසුරිනි

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි