SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනපති රනිල් මේ සතියේ හිටියේ නුවර නිළමෙට ඇදලාය.

දළදාව වැඳ මහනාහිමිවරු හා අනුනාහිමිවරු බැහැදැක පෙරහැර නරඹා දියකපා එම ඓතිහාසික උත්සවයේ සමාප්තිය සනිටුහන් කළේ ද ඔහුගේ මුලිකත්වයෙනි. නුවර දී පැරණි මිතුරා මලික් සමරවික්‍රම ද එක්වීම විශේෂත්වයකි.

 

රනිල් ගෙන් හිමිවරුන්ට බණක්!

 

අනුනාහිමි කෙනෙකු සමග පැවැති සංවාදයක දී රනිල් හොදහොඳ කතා කීවේය. එය නොම්මර එකේ ක්ලැසිකල් බණක් ලෙස ද විග්‍රහ විය.

 

"පළාත් සභා බලතල වැඩි කරන්නෙ නෑ. ඒත් ඉඩම් වල සංයුතියේ පොඩි වෙනසක් කරනවා. කෘතිම බුද්ධිය හා බුදුදහම අතර වෙනසක් නෑ. වෙහෙර විහාර රකිනවා. කුරුන්දි වල පිට අය පදිංචිය නවතනවා. ඒ ඒ ප්‍රදේශවල ගැටලු නිරාකරණය පළාතේ ආගමික නායකයන්ගෙ කමිටුවකින් කරනවා"

රනිල් කීවා පමණක් නොව හැමදාම දේශපාලන ලෙස හතර අතේ දුවන රටේම හිමිවරු එක මිටට ගත්තේය.

 

 

කෙහෙළියගේ විශ්වාසභංගය ආණ්ඩුව පෙරළීමේ ගැටයක්ද....?

 

රජාට හා නිළමෙට ඇඳලා සිටියාට රනිල් ට දේශපාලන ගිණියම් පිමි දෙකක් අත ලගය. එකක් කෙහෙළියගේ විශ්වාසභංගයය. ආණ්ඩුවේ සියලු දෙනාට රටයාම නවතන ලෙස හා රටගිය අය වහාම පැමිණීම අවශ්‍ය බවට ජනපකි ගත් තීන්දුව අකුරටම ඉටුවෙමින් තිබීම ගැන ඔහු යටි හිතින් සතුටු වෙනවා ඇත.

"විපක්ෂය බෙදිලා. වක්‍රව විශ්වාස භංගයට සහාය හා අපට තොරතුරු දෙන විපක්ෂයේ අයත් ඉන්නවා. ඒ අතර ආණ්ඩුවේ සමඟිය වැඩිවෙලා. මේක කෙහෙළියට නෙවෙයි ආණ්ඩුව පෙරළන්න ගහපු ගැටයක් බව ආණ්ඩුවේ කවුරුත් දැන් දන්නවා"

නුවර පැමිණි ඇමතිවරයෙකු කී දේ ජනපති ද අනුමත කළේය.

 

රනිල් කෙහෙලියව රකිනවාද?

 

විශ්වසෙ භංගය දිනුව ද රනිල්, කෙහෙළියට නිවනක් නැත.දොස්තරලා 300 ක් ණයවර ලිපි පවා ඇර තිබූ වාහන වලට දැන් ඉඩදිය යුතු බවට තග දැමීමට ඔවුහු සැරසෙති. තවද දොස්තරලාට වයස 63 කිරීමේ සෞඛ්‍ය ලේකම් ගේ ලිපිය පෙරදාතමින් නිකුත් නොකිරීම නිසා 1961 සිට වසර 03 ක් තුළ ඉපදුනු දොස්තරලා 400 කට විශාල තාක්ෂණික ගැටලුවක් මතුවීම විසදාදීම අත්‍යවශ්‍ය බවට ද ඔවුහු මරහඬ දෙති. දොස්තරලා රටහැර යාමට එම කරුණු ද බලපාන බව ද ඔවුහු කියති. තවද ප්‍රමිතියෙන් යුතු ඹෟෂධ ගෙන ඒම හා ඒවා සුලබ කිරීම ද වගකීමක් බවට සමාජ මතයක් ද බිහිව තිබීම ආණ්ඩුවට රහසක් විය නොහැක. ජනපති හා ආණ්ඩුව මුදාහැරි ප්‍රතිපාදන කෙහෙළියට සපයන්නේ නැතිව ඔහු බිල්ලට දීමේ ඇතැම් නිලධාරීන්ගේ ස්ටයිල් එක වහා නිවැරදි විය යුතු වන්නේ එහෙයිනි.

 

නුවරදී ඇමෙරිකානු සෙනෙට් සභිකයෙකු හා එරට තානාපතිනි ඇතුළු විදෙස් නියෝජිතයන් කිහිප දෙනෙක් ද ජනපති හමුවූහ. කට්ටිය පෙරහැර බැලුවේ ද එකටය.

 

 

රවීk ගෙ බාලගිරි දෝසය..

අද නෙවෙයි හෙට!

 

 

රනිල් ට ඇති ඊලඟ පිම්ම එජාපයට නව ව්‍යවස්ථාව ගෙන ඒම තනතුරු හා නායකත්ව මඩුල්ල අතපය තුවාල කරගන්නේ නැතුව නිම කිරීමය. රවි නවීන් වජිර අකිල රංගෙ මෙන් යුව රජුට ඇඳලා සිටින සාගල ද ලෙහෙසියෙන් වැඩේ අතහරින්නේ නැත. විශේෂයෙන් රවි යනු කවදත් දඩබ්බරයෙක් බව කවුරුත් දනී.

 

IMF සමාලෝචනයට ඔවුන් එන්නේ මාසයේ මැදය. IMF කොන්දේසි ඉටු කිරීම නොකිරීම ගැන වාචික සටන සිකුරුය. තවද දුගී බව අගවා ආණ්ඩුවෙන් සල්ලි ගසා කෑ පිරිසට ගේම දෙමින් සැබෑ දුගීන්ට සහන දෙන අස්වැසුම ට කෝටි 500 ක් නිදහස් කල කපටි නරියා එක ගලෙන් කුරුල්ලන් කී දෙනෙකුට වැඩේ දේවිදැයි දන්නේ ඔහුම පමණි.

@Ashoka Jayatunga fb

(ජනපතිeකොළමෙන් උපුටාගත්තකි)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි