SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බටහිර අප්‍රිකානු රටක් වන ගැබොන්හි හමුදා නිලධාරීන් එරට ජාතික රූපවාහිනියේ පෙනී සිට කියා ඇත්තේ

ජනපති මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවා වසර 53ක් පවුල් පාලනය ගෙනගිය ගැබොන් පාලන බලය  හමුදාව අතට ගත් බවය.

 

වසර 53ක කාලයක් ගැබොන්හි බලය අල්ලාගෙන සිටි ජනාධිපති අලි බොන්ගෝ ජයග්‍රාහකයා ලෙස නැවත ප්‍රකාශයට පත් කළ සෙනසුරාදා පැවති මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන බව හමුදා පාලනය විසින් පැවසූහ.

 

gaben 3

 

හමුදා නිලධාරීන් පසුව පැවසුවේ බොන්ගෝ නිවාස අඩස්සියේ තබා ඇති බවත් ඔහුගේ එක් පුත්‍රයෙකු රාජද්‍රෝහී චෝදනාවකට අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

විපක්ෂය ප්‍රෝඩාකාරී යැයි තර්ක කළ මැතිවරණය තුනෙන්දෙකකට ආසන්න ගණනකින් ජනාධිපති අලි බොන්ගෝ ජයගත් බව මැතිවරණ කොමිසම පවසා තිබුණි.

 

gabone 9

 

බදාදා අලුයම රූපවාහිනියේ සොල්දාදුවන් 12 දෙනෙකු පෙනී සිටි අතර ඔවුන් මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන බව සහ “ජනරජයේ සියලුම ආයතන” විසුරුවා හරින බව නිවේදනය කළහ.

“නැවත දැනුම් දෙන තුරු” රටේ දේශසීමා වසා දමා ඇති බවහමුදා නායකයින් වැඩිදුරටත් පැවසීය.

 

gaben 2

 

බොන්ගෝ වෙනුවට ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා වන ජෙනරාල් බ්‍රයිස් ඔලිගුයි න්ගුමා පත් කරනු ඇති බවත්, “නිසි බලධාරීන්” විසින් කරන ලද පරීක්ෂණයකින් පසු ඇතැම් නිලධාරීන් “ඔවුන්ගේ ක්‍රියාවන්ට පිළිතුරු” ලබා දෙන බවත් ඔවුහු පැවසූහ.

බොන්ගෝ මහතාගේ පෙර ජයග්‍රහණ දෙකම විරුද්ධවාදීන් විසින් වංචනික ඒවා ලෙස තර්ක කරන ලදී. මෙවර මැතිවරණයට සති කිහිපයකට පෙර ඡන්ද පත්‍රිකාවල ආන්දෝලනාත්මක වෙනස්කම් සිදු කර තිබිණි.

 

gabone 6

 

බොන්ගෝ බලයට පත් වූයේ ඔහුගේ පියා ඕමාර් 2009 දී මිය ගිය පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙසය.

බොන්ගෝ 2018 සිට ආඝාතයකට ගොදුරුව සිටියත් පාලනය අත්හැරියේ නැත.

ඊළඟ අවුරුද්දේ, අසාර්ථක කුමන්ත්‍රණ උත්සාහයක් නිසා කැරලිකාර සොල්දාදුවන් සිරගෙට යවන ලදී.

ගැබොන් අප්‍රිකාවේ ප්‍රධාන තෙල් නිෂ්පාදක රටක් වන අතර රටෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් වනාන්තරවලින් වැසී ඇත.

ගැබොන් යනු අතීත ප්‍රංශ යටත් විජිතයක්වූ රටකි. එය 2022 ජුනි මාසයේදී පොදුරාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ වූ රටකි.

 

gaben 4

වසර 53ක පවුල් පාලනය අවසන්වීම නිසා එය සැමරීම සඳහා විශාල ජනකායක් නගරයේ ප්‍රධාන වීදියට පැමිණි බවද වාර්තාවී තිබේ.

 

@lankatruth

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි