SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන්නේ කුමක්දැයි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන්ද නොදන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

තමන්ද නොදන්නා බොහොමයක් දේවල් දැන් පක්ෂය තුළ සිදුවෙමින් ඇති බව පවසන ඔහු ඔිනෑවට වඩා ක්‍රියාකාරී වූ විට සමහර ප්‍රශ්න ඇතිවන බවත් කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට අද සිදුව ඇත්තේ ඒ දෙය බව තමන් විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය.

‘කීප දෙනෙකු උත්සහ කරනවා මම ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කරලා ඔවුන්ට ඕනේ තැනට පක්ෂය තල්ලු කරන්න. ඔවුන්ට ඕනේ තැනට පක්ෂය තල්ලු කරන්න තිබෙන බාධාව මම නම් මාව ඉවත් කරන එක තමයි ඔවුන්ගේ පළමු කාර්ය වී තියෙන්නෙ. කොහොම වුණත් මේ තත්ත්වය තුළ පක්ෂයේ බහුතරය නිවැරදි මතයක ඉඳලා තීන්දු තීරණ ගනියි කියල මම විශ්වාස කරනවා’

කෙසේ වුවද මේ වනවිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් පිරිසක් මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සමීප දේශපාලන සබඳතාවක් පවත්වන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  

@lankacnews පුවත ඇසුරිනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි