SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බෙහෝ චීන නගරවල පළාත් පාලන ආයතන විසින් පුද්ගලික දේපල සංවර්ධකයන්ට යුවාන් බිලියන 1 (HK$1.09 බිලියන) සිට

යුවාන් බිලියන 02 දක්වා වූ නොගෙවූ හිඟ බිල්පත් ගෙවිය යුතුව ඇතැයි Economic Observer වාර්තා කරයි.

 

මධ්‍යම හෙනාන් පළාතේ Zhengzhou ඇතුළු නගරවල දිස්ත්‍රික්ක සහ ප්‍රාන්ත රජය විසින් ඔවුන්ට ගෙවිය යුතු ණය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස පුද්ගලික දේපළ වෙළඳාම් සමාගම්වලින් මෑතකදී ඉල්ලා සිටියේය.

 

ඔවුන්ගේ ද්‍රවශීලතා අර්බුදය සමනය කිරීම සහ නිවාස ව්‍යාපෘති නිමකිරීම සහතික කිරීම වෙනුවෙන් ණය ආපසු ගෙවන ලෙස සංවර්ධකයින් පසුගිය වසරේ පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටීමෙන් පසුව මෙය සිදුව තිබේ.

 

පුද්ගලික අංශය කෙරෙහි අඩුවෙමින් පවතින විශ්වාසය ඉහල නැංවීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස බීජිනය පළාත් පාලන ආයතනවලට ඔවුන්ගේ බිල්පත් පියවා ගැනීමට සහාය ලබාදෙන ලෙස මධ්‍යම රජය දැනුම්දී ඇත. 

 

සමාගම්වලට නිසි ගෙවීම් කිරීමට අපොහොසත් වූ හෝ වෙනත් ආකාරවලින් පෞද්ගලික ආයතනවලට අසාධාරණ ලෙස හානි කළ පළාත් පාලන ආයතනවලට දඬුවම් කිරීමට රජය සුදානම් වන බව පැවසේ.

මේ වන විට සිය මහා පරිමාන දේපල සංවර්ධන කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණදී සිටින බැවින් චීන ආර්ථිකය සැලකිව පසුබෑමකට ලක්ව ඇත.

 

@aruna,lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි