SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා පැවති රූපවාහිනී නාලිකා  වැඩසටහනකදී පැවසීය.

එම දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අනුර කුමාර දිසානායක අනාවරණ කළේ එන්පීපීයේ විධායක සභාව තුළ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි. 

සභා රැස්වීමේදී ඔහුගේ අපේක්ෂකත්වය සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය සඳුදා සවස නිල වශයෙන් අනුමත කළ බව ඔහු පැවසීය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාතක මාධ්‍යයන් තුළද විවිධ අදහස් පලවන්නට නැවත ආරම්භකර තිබුනි. එහිදී ජාජබ ජනාධිපති අපේක්ෂක ලෙස හරිනි අමරසූරියගේ නමද විවිධ පාර්ශ්ව වලින් කියැවුනු අතර විශේෂයෙන් උගත් බුද්ධිමත් යැයි කියනා විශ්ව විද්‍යාල ආශ්‍රිත උදව්කරුවන්ගේ අවශ්‍යතාවය වී තිබුණේ හරිනිව ඉදිරිපත් කිරීමට බව එම අදහස් හරහා දැනගත හැකිවිය.

එහෙත් මේ සියල්ලට එකවර පිළිතුරු දෙමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක තමා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරි මැතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කර ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි