SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට රාජ්‍ය ත්‍යාග සම්බන්ධ නඩුවකට වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබේ.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල අද ඉම්රාන් ඛාන් ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

 

ඛාන්ගේ නීතිමය කරුණු පිළිබඳ ප්‍රකාශකයෙකු වන නයීම් හයිඩර් පන්ජුත සඳහන් කළ පරිදි විනිසුරු මඩුල්ල ඛාන්ගේ අභියාචනය පිළිගෙන ඇත.

70 හැවිරිදි ඛාන්, 2018 සහ 2022 අතර ඔහුගේ අගමැති ධුර කාලය තුළ විදේශ ආන්ඩු සහ නායකයන්ගෙන් ලැබුණු ත්‍යාග හෙළි නොකිරීම සම්බන්ධයෙන් නඩු විභාගයක් විසින් අගෝස්තු 5 වන දින වරදකරු කරනු ලැබීය.

 

imran khan 2

 

2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජය වූ දා සිට නඩු 100කට වැඩි ප්‍රමාණයකට මුහුණ දී සිටින ඔහු ඉස්ලාමාබාද් සිට කිලෝමීටර් 88ක් (සැතපුම් 54ක්) පමණ දුරින් පිහිටි වයඹදිග ඇටෝක් නගරයේ සිරගත කර ඇත.

 

ඛාන් සිරගත කිරීමෙන් පසු වසර පහකට මැතිවරණවලට තරග කිරීම එරට මැතිවරණ කොමිසම විසින් තහනම් කරන ලදී.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලහි තීරණය පැමිණියේ පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව “ක්‍රියාපටිපාටික දෝෂ” ඇති බව නිරීක්ෂණය කිරීමෙන් දින කිහිපයකට පසුවය.

 

imran khan 3

 

මීට පෙර අඟහරුවාදා, ඛාන්ගේ පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය මහාඅධිකරණය වෙත අභියාචනයක් ගොනු කරමින්, ඛාන් නැවත අත්අඩංගුවට ගැනීම බලධාරීන්ට තහනම් කරන ලෙස ඉල්ලා සිටියේය.

 

imran khan 2

 

සඳුදා, පීටීඅයි ප්‍රධානියාට බලුකිස්තාන් පළාතේ උසාවියක් විසින් තවත් සහනයක් ලබා දුන් අතර එමඟින් ඔහුට එරෙහි රාජද්‍රෝහී නඩුවක් අවලංගු කරන ලදී.

 

@newsi.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි