SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නවසීලන්තයෙන් ශ්‍රී ලංකා සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සහාය සහ ආධාර!

සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සදහා අවශ්‍ය අරමුදල් ලබාදීමටද එකගතාවය දක්වා තිබේ.

 

දවසින් දවස විවිධ වැඩසටහන් තම අමාත්‍යාංශ විෂය පථයට ඇතුලත් කරමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා තමනට හිමි වූ පළමු කැබිනට් අමාත්‍ය තනතුර හරහා උපරිම දක්ෂතා පෙන්වන්නට කැපව ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත. එහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට වඩා ඉදිරියෙන් මනූෂ නානායක්කාර අමාත්‍ය තනතුරේ කටයුතු කරන බවත් මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රශංසාවටද මනූෂගේ මෙම කැපවීම ලක්වූ බවත් එම කතාබහේ මාතෘකාගතව ඇත.

 

නවසීලන්තයේ ආධාර සහිතව මෙම සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අමාත්‍යවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller මහතා අතර අද (29) උදෑසන පවත්වා ඇත.

 

WhatsApp Image 2023 08 29 at 13.25.20

 

මෙම මධ්‍යස්ථානය පිහිටුවිමට අදාලව දෙරට අතර අවභෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර අදාල අවභෝධතා ගිවිසුම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සමාලෝචනයට ලක් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතය.

මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසුව වසර තුනක කාලයක් සදහා නවසීලන්තය විසින් ආධාර ලබාදීමට එකගතාවය පළ කර තිබේ.

 

WhatsApp Image 2023 08 29 at 13.25.21

 

ආරක්ෂිත සංක්‍රමණය සහ විදේශ රැකියා සම්බන්ධයෙන් අවධානමට ලක්විය හැකි පිරිස් අතර දැනුවත්භාවය ඇති කිරීම සදහා වන වැඩසටහන් මේ හරහා ක්‍රියාත්මක කරන අතර මිනිස් ජාවාරම සහ අක්‍රමවත් සංක්‍රමණ වැලැක්වීම සදහා තීරණාත්මක කාර්යභාරයක්ද මේ හරහා ඉටු කෙරේ. එම වැඩසටහන් ක්‍රමිකව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ව්‍යාප්ත කිරීමටද අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය හරහා ලංකාව හා නවසීලන්තය අතර වන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජන ජීවිතය වඩාත් දියුණු කිරීම සදහා වන දායකත්වය ලබාදීමටත් අපේක්ෂා කරන බවත් නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙම හමුවේදී අවධාරණය කර  සිටියේය.

 

WhatsApp Image 2023 08 29 at 13.25.22

 

කෙසේ වුවද මනූෂ නානායක්කාර අමාත්‍යවරයා දේශපාලන උවමනාව මත වුවද මෙවැනි තම අමාත්‍යංශයේ විෂයයන් හරහා ‌කරන වැඩ කොටස ඇගයීමට ලක්වනු ඇති බව මාධ්‍ය කතාබහටද ලක්ව ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි