SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතාව ප්‍රමිතියෙන් යුත් ඖෂධ ඉල්ලද්දී ආණ්ඩුව දකුණු කොරියාවෙන් නිල නිවාස ලබාදෙන බව කියයි

මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය සියලු අංශවලින්ම බිහිසුණු බිඳවැටීමකට ඉඩ හැර තිබෙන අතර නව පත්වීම් ලබන වෛද්‍යවරු හට කොරියානු රජයේ ආධාර ඇතිව නිල නිවාස ලබාදෙන බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රචාරය කරයි.

ඔහු මේ සම්බන්ධව ඊයේ (24) ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කර ඇත.

රජයේ රෝහල්වලට අලුතින් පත්වීම් ලබන වෛද්‍යවරු සඳහා නිල නිවාස හිඟ බවත් එය සම්පූර්ණ කර ගැනීමට ආධාර කරන ලෙසත් දකුණු කොරියානු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

කිසිදු වෛද්‍ය වෘත්තීය සමිතියක් හෝ වෛද්‍යවරු පුද්ගලිකව හෝ මෙවැනි ඉල්ලීමක් සිදු කර නැත. ඒ වෙනුවට වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයන්හට පනවා තිබෙන අධික බදු බර ලිහිල් කරන ලෙසත් ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දෙන ලෙසත් දිගින් දිගටම ඉල්ලීම් සිදුකරමින් සිටී.

එසේ තිබියදී කිසියම් වෛද්‍යවරු පිරිසක් නිහඬ කිරීමේ චේතනාවෙන් නිල නිවාස ඇමක් ආණ්ඩුවෙන් දීමට සැරසෙන බව මෙයින් පැහැදිලි වේ.

@lankatruth

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි