SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සහ වවුනියාව, මුලතිව්, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය

තාප දර්ශකයට අනුව ‘අවදානම’ මට්ටම දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

 

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ තාප දර්ශකයට අනුව මුලතිව්, වවුනියාව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණ තත්ත්වය බලපානු ඇත.

 

මිනිසුන් අධික තාපයෙන් පීඩාවට හා වෙහෙසට පත් විය හැකි අතර, තාපය හෝ හිරු තුළ අඛණ්ඩ ක්රියාකාරිත්වය තාප ආඝාතයට හේතු විය හැකි බවට එකී උපදේශකයින්  අනතුරු අඟවයි.

 

මේ නිසා නිතරම ජලය පානය කරන ලෙසත්, රැකියා ස්ථානවල හැකිතාක් සෙවණෙහි විවේක ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දී ඇත.

ගෘහස්ථව සිටින වැඩිහිටියන් සහ රෝගීන් පරීක්ෂා කරන ලෙසත්, ළමයින් නොසැලකිලිමත් ලෙස තබා නොගන්නා ලෙසත් ඔවුහු උපදෙස් නිකුත් කර ඇත.

 

"එළිමහන් සේවකයින්ට ඔවුන්ගේ වෙහෙසකර ක්‍රියාකාරකම් සීමා කිරීමට, සෙවන සොයා ගැනීමට සහ සජලනය වීමට උපදෙස් දෙනු ලැබේ," යනුවෙන්ද එය වැඩිදුරටත් පවසයි.

මාතලේ, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර ද අවදානම පිළිබඳව අවවාදාත්මක ප්‍රදේශ ලෙස සටහන් වේ.

තාප දර්ශක පුරෝකථනය ගණනය කරනු ලබන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය, උපරිම උෂ්ණත්වය සහ මිනිස් සිරුරට දැනෙන තත්වයන් භාවිතා කිරීමෙනි.

 

උනුසුම 2උනුසුම 3උනුසුමනුසුම

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි