SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර බෝවන Meningococcal රෝගය පැතිර යන සන්දර්භය තුළ බැක්ටීරියාව සමාජය තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ අදහස් පළ කළහ.

එය බෝවන රෝගයක් බැවින් බන්ධනාගාරයට පැමිණි පුද්ගලයින් ආසාදිත රැඳවියන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇත්නම් හෝ පැවැත්වූයේ නම් බැක්ටීරියාව බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමේ හැකියාවක් පවතින බව බෝවන රෝග රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

 

කෙසේ වෙතත්, බැක්ටීරියාව සමාජයට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විජේසූරිය පවසයි.

රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයට ද රෝග නිවාරණ ප්‍රතිජීවක ලබා දී ඇත. රෝගයේ මූලික මූලාශ්‍රය හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මීට අමතරව, මෑතකදී බන්ධනාගාරයට පැමිණි පිටස්තර පුද්ගලයින් සොයා ගැනීමට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) වෙත දැනුම් දී ඇති බව ද වෛද්‍ය විජේසූරිය පැවසීය.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ගාල්ල බන්ධනාගාරයේ සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, Meningococcal යනු Neisseria meningitides නම් බැක්ටීරියාවකින් බෝවන රෝගයක් වන අතර එය මොළයේ සහ සුෂුම්නාවට ආසාදනයක් වන මෙනින්ජයිටිස් ඇති කළ හැකි අතර එය රුධිර ආසාදනවලටද හේතු විය හැක.

 

තවත් රැඳවියන් දහසය දෙනෙකු එම ආසාදනය සඳහා දැනට ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ද තහවුරු කර ඇත.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 1,023ක් සිටිති. 

 

menin 2

 

@ෂෙයින් ප්‍රනාන්දුපුල්ලේ

dailymirror

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි