SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් වෙත රුපියල් බිලියන 10ක අලාභයක් ඉල්ලමින් එන්නතරවාසියක් යොමුකර ඇත. 

අපහාස කළාට අනුර කුමාර සාගර කාරියවසම්ගෙන් බිලියන 10ක් අලාභ ඉල්ලා ඇති අතර තිස්ස කුට්ටිආරච්චිටත් එන්තරවාසියක් යවා ඇත.

 

පසුගිය අගෝස්තු 19 වැනිදා මැද කොළඹ ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී සාගර කාරියවසම් විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

 

” බිලියන ගණන් සල්ලි ඇදලා මූල්‍ය වංචාවක් කරලා තියෙනවා කියන මේ චෝදනාව නගන්නේ අපි නෙවෙයි, ඔවුන් සමඟ එකට හිටපු පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහත්තයා දැන් කියනවා මේ චෝදනා ගෙනාවට මේවා ඔප්පු කරලා පෙන්නන්න මම හිතන්නේ දිට්ඨදම්මවෙදනීය කර්මය පඩිසන් දීලා තියෙනවා,”

 

සාගර කාරියවසම් විසින් සිදුකර ඇති ඉහත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශසහගත බව අනුර කුමාර දිසානායක සිය නීතිඥ සුනිල් වටගල හරහා සාගර කාරියවසම් වෙත දැනුම් දී ඇත.

 

මෙලෙස අනුර කුමාර දිසානායකගේ කිර්ති නාමයට සිදුකළ හානියට සහ අපහාසයට අලාභ ලෙස රුපියල් බිලියන 10ක මුදලක් දින 14ක කාලයක් ඇතුළත වහාම ගෙවන ලෙසත්, එසේ නොකරන්නේ නම් සිවිල් අධිකරණයක නඩු පවරන බවත් නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් සාගර කාරියවසම්ට දැනුම් දී තිබේ.

 

මීට අමතරව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි වෙතද අනුර කුමාර දිසානායක විසින් එන්තරවාසියක් යොමුකර ඇතැයි වාර්තා සඳහන් කරයි.

 

watagala 1

watagala 2

@ceylonwire.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි