SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (20) පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණි අතර

මෙහි විශේෂත්වය වන්නේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මෙම තරඟාවලියට විරෝධය දක්වමින් එයට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමයි.

ඉතිහාසයේ කවර කලෙකවත් නොවූ විරූ ලෙස ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල පරිපාලනමය ගැටළු රාශියක් වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා යටතේ නිර්මාණය වෙමින් බොහෝ ක්‍රීඩාවන්ට අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් නිසා තරඟ තහනම්වලට පවා ලක්වෙමින් පවතී. එවන් දුර්වලතා රාශියක් සහිත ක්‍රීඩා අමාත්‍යාංශයේ විෂය භාර ඇමතිවරයා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට එරෙහි වෙමින් එම තරඟාවලිය ප්‍රතික්ෂේප කරන ලද අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම තරඟය නැරඹීමට පැමිණීම බොහෝ විචාරකයින්ගේ අවානයට ලක්වූ කරුණක් විය.

IPL kandy

 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 147 ලබා ගත්තේය.

ඒ අනුව, තරගය ජයගැනීම සඳහා බී ලව් කැන්ඩි කණ්ඩායමට හිමිවු ඉලක්කය ලකුණු 148 කි.

දඹුල්ල අවුරා කණ්ඩායමේ ධනංජය ද සිල්වා පන්දු 29ක දී ලකුණු 40 ලබා ගත් අතර සධීර සමරවික්‍රම පන්දු 30 කදී ලකුණු 36ක් ලබා ගත්තේය.

කුසල් පෙරේරා නොදැවී පන්දු 25කට ලකුණු 31 ක් රැස් කළේය.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 25 කදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී ලකුණු 151ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් පන්දු 37කදී ලකුණු 44ක් ලබා ගත් අතර මොහොමඩ් හාරිස් පන්දු 22කට ලකුණු 26ක් රැස් කළේය.

දඹුල්ල අවුරා කණ්ඩායමේ නූර් අහමඩ් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

මෙවර අවසන් මහ තරඟයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන හිමිකරගත් අතර තරඟාවලිය පුරා ලකුණු 219ක් සහ කඩුළු 19ක් ලබාගත් වනිදු හසරංග තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

IPL with Ranil

President Ranil Wickremasinghe was a keen spectator at the Lanka Premier League final between B-Love Kandy and Dambulla Aura at the R. Premadasa Stadium yesterday along with Tourism and Land Minister Harin Fernando and Chief of Staff and Senior Adviser to the President on National Security Sagala Ratnayaka. Also present were Sri Lanka Cricket President Shammi Silva and IPG Group CEO/Managing Director and Anil Mohan.   

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි