SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන් පිරිසක් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ එක්ව ආර්ථික සාධාරණත්වය සහතික කිරීම සඳහා වන ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවීමට  නව පියවරක් තබා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඩේලි මිරර් වෙත ලැබුනු විශ්වාසදායක තොරතුරට අදාළව  මෙම කණ්ඩායම විසින් මේ සඳහා සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීමටත්  කටයුතු යොදා ඇත.
 
ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායම “ආර්ථික යුක්තිය සඳහා වූ මන්ත්‍රී සංසදය” ("MPs Guild for Economic Justice") ලෙස හැඳින්වීමට තීරණය කර ඇත. 

මෙම කණ්ඩායම පිහිටුවීමට මූලිකවූ SJB මන්ත්‍රීවරුන් කියා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා මෙම කණ්ඩායමට එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. 

එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරි සතියේදී මෙම පියවර පිළිබඳව ප්‍රකාශයක් කිරීමට ද බලාපොරොත්තු වේ.

කෙසේ වුවද මේ වනවිට පොහොට්ටුව පාර්ශ්වයෙන්ද නිමල් ලන්සා ඇතුළු පොහොට්ටු ප්‍රබලයන් කිහිපදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වෙනම කණ්ඩායමක් ලෙස එක්ව ඇති අතර මෙම සජබ මන්ත්‍රී සංසදයද එහි තවත් පියවරක් වනු ඇති බවත් දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි