SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් ව අද දිනයේදී පත් කර ඇත.

ඒ, චෝදනා කිහිපයක් මත විෂය භාර අමාත්‍යවරයා විසින් හිටපු සභාපති සරත් ලියනගේ එම ධුරයෙන් ඉවත් කරමින් බව ආරංචිමාර්ග පවසයි.

 

හෙට (17) වැඩ භාර ගැනීමට නියමිත වෛද්‍ය මෙන්ඩිස් මීට පෙර රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සිටි කාලයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අයෙක් වන අතර ඔහු මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිටපු සභාපතිවරයා ද වේ.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල නිළධාරියෙක් ලෙස ප්‍රකට වෛද්‍ය අජිත් මෙන්ඩිස් ගේ පත්කිරීම අමාත්‍ය කෙහෙළිය විසින් සිදුකරන්නේ, මේ වනවිට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය  සම්පූර්ණයෙන්ම බිඳ වැටීම මෙන්ම දූෂිත හෝ අකාර්යක්ෂම  නිළධාරීන් සම්බන්ධයෙන් වගකීම ගතයුත්තේ අදාළ විෂය භාර අමාත්‍යවරයා බව ජනාධිපතිවරයා සෘජුවම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද කියා සිටින්නේ පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ පුවතක් වූ අක්ෂි කාච වංචාව සම්බන්ධයෙන් වූ ගනුදෙනුව හෙළිදරව් වීමෙන් පසු මෙම ඉවත් කිරීම සිදු කර ඇති බවය.

 

 

අද අගෝස්තු 16 දින එම පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේ ප්‍රකාශ සඳහන් කර ඇත.

 

ඖෂධ සංස්ථා ලොක්කා ඉවත් කෙරුණේ අප හෙලිකළ අක්ෂි කාච වංචාව නිසා - පෙ.ස.ප.

 

 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව සිටි නීතීඥ සරත් ලියනගේ එම තනතුරෙන් ඉවත් කර ඇති බව අද උදෑසන වාර්තා වුණා. ඔහුට ඉල්ලා අස්වන ලෙස පවසා ඇත්තේ ඖෂධ මිලදී ගැනීම් වලදී සිදුකෙරුණු විශාල වංචා ප්‍රමාණයක් නිසා බව වාර්තා වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ KPMG වැනි විඝණන ආයතන වල වාර්තා විවිධාකාර දූෂණ චෝදනා එල්ල කළා. වසර ගණනක් තිස්සේ මේ වාර්තා සියල්ල කුණු කූඩයට දමන තරමේ දේශපාලන රැකවරණයක් ඔහුට තිබුණා. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තීරණයට හේතුවී තිබෙන ආසන්නතම හේතුව අප විසින් හෙලිදරව් කළ අක්ෂි කාච මිලදී ගැනීමේ අක්‍රමිකතාව.

 

"පසුගිය අප්‍රේල් මාසයේ ඖෂධ නීතිගත සංස්ථාව හරහා අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳෙව්වා. එහිදී ඒ සියල්ල සඳහා එකට ටෙන්ඩර් කැඳවීම වෙනුවට අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව හරහා කාච 18,000ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයක් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා කාච 82,000ක් කොටස් කර මිලදී ගැනීමේ ටෙන්ඩර් 8ක් ලෙස ටෙන්ඩර් 9ක් කැඳෙව්වා. සංස්ථාවේ ටෙන්ඩර් වලදී සිදුව ඇති අක්‍රමිකතා රාශියක් අපි හෙලිදරව් කළා. ටෙන්ඩර් තැන්පතු චෙක්පත් වලින් ලබාදීම, අගරු චෙක්පත් ලබාදුන් සමාගම් වලට එරෙහි පියවර නොගැනීම, එක්සත් රාජධානියේ සමාගමක් ලෙස ව්‍යාජ තොරතුරු ලබාදී ඉන්දියාවේ සමාගමකින් කාච මිලදී ගැනීම වැනි ප්‍රශ්නකාරී සිදුවීම් රැසක් තිබුණා. අප ඉදිරිපත් කළ චෝදනා නිවැරදි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවා පිලිගෙන තිබෙන බව ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ඉවත් කිරීමෙන් පැහැදිලියි.

 

නමුත් නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කරන්නේ තනි නිලධාරියෙකු නෙවෙයි. මේක දේශපාලඥයන්, ඉහල පෙල රාජ්‍ය නිලධාරීන් සහ ගජමිතුරු චෞර ව්‍යාපාරික වළල්ලක් එක්ව ක්‍රියාත්මක වන ජාලයක්. මේ චෞර ජාලය එක් පුද්ගලයෙකු බිලිදී ඇඟ බේරා ගැනීමට සැරසෙනවා. ජනතාව එයට ඉඩ නොදිය යුතුයි. රෝගී ජීවිත මරු කටට යවන, මහජන අරමුදල් කාබාසිනියා කරන, නිදහස් සෞඛ්‍ය සේවය මරා දැමීමට සැරසෙන මේ විනාශකාරී ජාලයම පරදවන තුරු අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා සංවිධානාත්මක බලයක් ගොඩ නගන්න අපි හැම දෙනාටම ආරාධනා කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ආකාරයේ සුළු තීරණයක් වුවත් ගැනීමට සිදුවුණේ නිහඬව, නිවටව නොසිට හඬ නැගූ නිසා. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ. එය යලිත් ඔප්පුවී තිබෙනවා".

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි