SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද වන විට ශ්‍රී ලංකාව ලෝකයෙන් ලබා ගන්නා ලද ඩොලර් බිලියන 36ක ණය කල් පිරී ඇති බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

නමුත් ඒවා ගෙවීමට භාණ්ඩාගාරයේ පිච්චියක් නැති බවද හෙතෙම කැකිරාව ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් පැවසීය.

“භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ හම්බුවෙන මුදල් ටිකෙන් හැම මාසයේම රාජ්‍යය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවලා, සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවලා. ගත්ත ණය සඳහා පොලී ගෙව්වට පස්සේ මොකුත් ඉතුරු වෙන්නේ නෑ.

දැන් ගෙවන්න බැරි ණය තියෙනවා කල් පිරිලා ඇමරිකානු ඩොලර් බිලියන 36 ක්. ඒක මේ තියෙන ඒවා විකුණලා ගෙවන්න බෑ.

හම්බන්තොට වරාය විකුණුවාම ලැබුනේ 1.4 යි. ලංකාවට හම්බුණ ලොකුම ව්‍යාපෘතිය අර මුහුද ගොඩ කරපු පෝට් සිටි එක, ඇමරිකාණු ඩොලර් බිලියන 1.4 යි. මේ දෙකම 2.8 යි, අනෙක් මොනවද විකුණන්නේ 36 ක් ගෙවන්න .

ඒකට ක්‍රමවේදයක් කථා කරගන්න ඕන.මුදල් අමාත්‍යංශය, මහ බැංකු ලෝකය පුරාම ගිහින් මේ ණයකාරයෝ එක්ක කථා කරනවා මේක ප්‍රථිව්‍යූහගතකරණය කරන්න”

@lankacnews

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි