SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.

කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව සඳහන් කරන ජනාධිපතිවරයා කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බව ද කියයි.

 

“කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම” පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කියා ඇත.

 

මෙහිදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කෘෂිකර්මාන්තය යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් එය එක් අමාත්‍යාංශයකට හෝ ආයතනය කිහිපයකට පමණක් සීමා නොවන බවත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද නිසි සම්බන්ධීකරණයකින් යුතුව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බවත් සඳහන් කර ඇති අතර විචාරකයින් පෙන්වාදෙන්නේ එය බළලා මල්ලෙන් එළියට පැනීමක් ලෙස ය.

 

ගොවිතැන යනු මිනිස් සබඳතාවකි. මේ වනවිට මනුෂ්‍ය සම්බන්ධය සම්පූර්ණයෙන්ම වටිනාකම් අතර ගනුදෙනුවක් පමණක් බවට පත්වීමට නියමිත වීම සිදුවෙමින් පවත්නා ක්‍රියාවලියයි. වෙළඳපොළට සෑම දෙයක්ම අවශෝෂණය කර ගැනීමට හැකියාව ඇත.  අපගේ ගැඹුරුම සහ සමීප අත්දැකීම් පවා මිලදී ගැනීමට සහ විකිණීමට ඇති භාණ්ඩ බවට මේ වනවිට පත් වෙමින්  ඇත.

@සමාරා පරණවිතාන

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි