SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ඉන්දිරා ගාන්ධි රජය බව කියා ඇති අගමැති නරේන්ද්‍ර මෝදි

ඉන්දියාව දෙකඩ කිරීම සම්බන්ධයෙන් කොංග්‍රසයට දොස් පැවරූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

 

ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේ රාමේෂ්වරම් (ඉන්දියාව) සහ ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති මෙම දූපත සම්ප්‍රදායිකව ශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් විසින් භාවිතා කරන ලද බවයි. 

 

1974 දී එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධි "ඉන්දු-ශ්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම" යටතේ කච්චතිව් ශ්‍රී ලංකා භූමිය ලෙස පිළිගෙන තිබුණි.

 

“මේ අය දේශපාලනය සඳහා ඉන්දියාව කොටස් තුනකට බෙදුවා..” යැයි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට පිළිතුරු දෙමින් මෝදි අග්‍රාමාත්‍යවරයා  පසුගියදා ලෝක් සභාවේදී කොංග්‍රසයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා ඇත.

 

තමිල්නාඩුවේ DMK රජය කච්චතිව් යළි ඉන්දියාවට ලබාගන්නා ලෙස තමාගෙන් දිගින් දිගටම ලිඛිතව ඉල්ලා සිටින බව අගමැති මෝදි එහිදී පවසා ඇතැයි වාර්තා වේ.

 

“කච්චතිව් යනු තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි දූපතකි. කවුරුහරි ඒක වෙනත් රටකට දුන්නා. එය සිදුවූයේ ඉන්දිරා ගාන්ධිගේ නායකත්වය යටතේය.

“එය මහා භාරතයේ කොටසක් නොවේද?” යි බදාදා පැවති විවාදයේදී කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මෝදි  ප්‍රශ්න කර ඇත.

 

ඉන්දියාවේ මීළඟ මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වෙන අතර රාහුල් ගාන්ධි ප්‍රමුඛ විපක්ෂය සන්ධානගතව එම මැතිවරණයට මුහුණ දීමට සූදානම් වන බවද ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.

 

@ (NewsWire)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි