SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු රජයට එරෙහිව රාහුල් ගාන්ධිගේ පක්ෂය ඇතුළු  විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම 

භාරතීය ජනතා පක්ෂය ලත් ජයක් උනත් ලබන වසරේ මැතිවරණය ගැනනම් හිතන්නත් අසීරුයි කියලයි කියන්නේ.

 

මොකද සමස්ත විපක්ෂය එකට හිටගැනීම නිසා නරේන්ද්‍ර මෝදි ඉන්නෙත් තිගැස්සිලාලු. ඒ හින්ඳ තමිල්නාඩු වගේ ප්‍රාන්ත දිනාගන්න ඔිනකමට ලංකාවේ උතුරේ ප්‍රශ්නවලටත් එයා සීරුවෙන් අතපොවනව කියල තමයි දේශපාලන විශ්ලේෂකයො කියන්න පටන්ගෙන තියෙන්නෙ.

ඔන්න මේ විදිහට ඉන්දියාවෙ විපක්ෂය සන්ධානගතවීම ආදර්ශයට අරගෙනද කොහෙද ලංකාවේ කට්ටියත් ඊයෙ පෙරේද ඉඳල සන්ධානගත වෙන්න ලක ලෑස්ති වෙනවලු.

ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණු සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවට පැමිණීමේ අරමුණින්මේ සාකච්ඡා සභාව ඇරඹිලා තියෙනවා.  විපක්ෂයේ මෙවන් සන්ධානයකට මූලික වෙන්නේ නිදහස ජනතා සභාව. ඒකෙ නායක ඩලස් අලහප්පෙරුම පහුගියදා කීවේ  ශ්‍රිලනිප එක්ක තිබුණු සාකච්ඡාවන්ද සාර්ථක උනාය කියලයි

අනෙකුත් දේශපාලන පක්ෂ එක්කත් කඩිනමින් සාකච්ඡා පවත්වා විපක්ෂයේ මහා  සන්ධානයකින් එළැඹෙන මැතිවරණයට මුහුණදෙන්නටයි ඔවුනගේත් මේ සූදානම. ඒ කියන්නේ ලබන වසර අසල්වැසි ඉන්දියාවට වගේම ලංකාවටත් වෙනසකට මගපාදයි කියලද?

වෙනස ගැන කතාකළාම තමයි ප්‍රශ්නය එන්නේ මොකක්ද මේ පක්ෂ අතර තියෙන වෙනස කියල?

ඒ මොනව උනත් ඔන්න මේ ඉන්දීය ලංකා භූ දේශපාලන කතාවලට තවත් රසවත් ඔිපාදූපයක් එකතු වෙලා. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ලබන මාසෙ පළමුවෙනිදා ඉඳල සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කරලලු.

මේවයෙ ඇත්ත බොරු අපිනම් දන්නෙ නැහැ. ඒව දන්නෙ ඉතිං ඔය වරුණ රාජපක්ෂල, ශානුක කරුණාරත්නල වගේ අය නොවැ.

අපිට ආරංචි වෙච්ච හැටියට නම් දැනටම ජනාධිපති රනිල් ලොක්ක අතට ලියුම එවලය කියලයි.

බලමුකො.. කැස්ස හංගගත්තත්  දේශපාලන කතානම් හංගන්න කොහෙත්ම බැරිලුනේ නේද?

 

#slleader gossip

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි