SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රෝහල් තුළ මත්භේදයට තුඩු දුන් මරණ 06යෙන් 05ක් ඖෂධ ආසාත්මිකතාවන් වලින් සිදු වු බවට ඒ පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෑත කාලීනව සිදුවූ අන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් සත් සාමාජික කමිටුවයි මේ බව සඳහන් කර ඇත.

 

මේ පිළිබඳ තොරතුරු වෛද්‍ය හා රෝගී රහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් ප්‍රකාශයට පත් නොකරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර ඇත.

 

එසේම මෙම කමිටුව විසින් නව නිර්දේශ කිපයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒ ජීවිත අවදානම් සහිත ආසාත්මිකතා කළමනාකරණය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ ඊට අදාළ යාන්ත්‍රණයක් සකස් කිරීම, ජීවිත තර්ජනයක් සහිත සිදුවීම් වාර්තා වූ අවස්ථාවන්හිදී නිසි සායනික විගණනයක් සිදුකිරීම, ඖෂධ ලියාපදිංචියේදී සහ අලෙවිකරණයෙන් පසුව අහඹු නියදි පරීක්ෂාවන් මඟින් රට තුළ භාවිත ඖෂධවල ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කිරීමයි.

 

එමෙන්ම අසාත්මිකතාවන්ට හේතුවූ ඖෂධ සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තාද නොතිබූ බව එම වාර්තාවේ සඳහන් වෙනවා.

 

රජයේ රෝහල්වල

CT, MRI සහ PET scan

නතර වෙයිද?

 

මේ අතර ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ PET scan පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය නිසා මෙම සේවා ක්‍රියාත්මක කරවීම අවදානමක පවතින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කළ ද මේ වන තෙක් ඔවුන් නවක නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගෙන නොමැති බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසනවා.

 

CT scan, MRI, PET scan සහ ශල්‍යාගාරවල විකිරණ සේවා ඇතුළුව හෘද රෝග අංශවල කැතීටකරණ ඒකකවල බිඳවැටීමක් ද මෙම විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟය නිසා සිදු විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට 40%ක පමණ විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බවත් එක් මාසයකට එම නිලධාරීන් 3 – 4 දෙනෙක් විදේශගත වීමේ ප්‍රවණතාවයක් තියෙන බවත් එම සංගමයේ සභාපතිවරයා පවසනවා.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පියවරක් නොගැනීම හේතුවෙන් මේ වන විට ඇහැළියගොඩ රෝහලේ සම්පුර්ණයෙන් විකිරණ සේවාව බිඳවැටී තිබෙන බවත් ඊට හේතුව මාස කීපයකට පෙර එම රෝහලේ සේවය කළ එකම විකිරණ සේවා නිලධාරිනිය විදේශගත වීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

 

@ lankaline.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි