SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෞඛ්‍ය ඇමති ,සෞඛ්‍ය ලේකම් හා ඉහළ සෞඛ්‍ය බලධාරීන් ඉවත් කොට අදාල නිලධාරීන් සම්බන්ධයෙන් දූෂණ චෝදනා ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා

ජනාධිපතිවරයා සමඟ ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව වෘත්තීය සමිතිවලට පොරොන්දු වූ බව sathiya වෙබ් අඩවිය අනාවරණය කර ඇත.
ඔහු ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා නියෝජනය කරමින්  සිවිල් සංවිධාන සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව පැවසේ.

 

Sathiya පුවත් වාර්තාවේ මෙසේ සඳහන්ව ඇත.

වසර දෙකක ආසන්න කාල සීමාවක් මුළුල්ලේ වර්තමාන සෞඛ්‍ය පරිපාලනය යටතේ මධ්‍යස්ථ රජයේ සෞඛ්‍ය පරිපාලනය ද පළාත් සෞඛ්‍ය පරිපාලන ද කඩා වැටීම සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරු වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළ අතර පසුගිය වසර දෙක කාලසීමාව තුලදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකළ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන කටයුතු නිසා රටට ඩොලර් බිලියන කරන අහෝසි වී ඇති බව ලිපි ලේඛන මගින් පෙන්වා දෙනු ලැබීය. අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් කරන ලද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ද රාජ්‍ය ඖෂධ සංස්ථාව සභාපතිවරයාද ඖෂධ ගෙන්වීම සම්බන්ධව කටයුතු කරන අතිරේක ලේකම්වරුන් ප්‍රසම්පාදන කටයුතු සඳහා අත්සන් කර ඇති සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් සහ අතිරේක ලේකම්වරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයා සමග ඉක්මනින්ම සාකච්ඡා පවත්වන බව පවසා ඇත.

කොවිඩ් පාලන කාලයේ පටන් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට සෘජුව වගකිව යුතු මාර්ග සැලසුමකින් තොරව සෞඛ්‍ය පද්ධතිය අයාලේ යෑමට ඉඩදී ඇති වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍යමත් ඉහළ නිලධාරීන් රැසක් ගේ තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෘත්තීය සමිතිවලට පොරොන්දු වී ඇත.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය ප්‍රමුඛත්වයේ අල්ලස හා දූෂණය නාස්තිය නැති පිටුදැකීම සඳහා ද සෞඛ්‍ය පද්ධතියෙන් නව මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කොට ඉදිරියේදී අමාත්‍යාංශය භාර ගන්නා ඕනෑම අමාත්‍ය වරයෙකු සමග විනිවිදභාවයකින් යුක්තව මානව සම්පත් භෞතික සම්පත් ඖෂධ සැපයුම් ජාලය සහ රසම්පාදන ක්‍රියාවලිය කිරීම සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය සඳහා ද ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෘත්තීය සමිති ආරාධනා කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඇතුළු වෘත්තීය සමිති මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කිරීම නිසා රටේ සෞඛ්‍ය පද්ධතිය තිබූ නියාමනය ගිලිහී ගොස් ඇති බව මෙහි දී සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පුරවැසි සංවිධාන පෙන්නුම් කරන ලදී.

වර්තමානය වන විට ඉතා පැහැදිලි සහ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියා වලින් ඉසා තෝරාගත් සමාගම් අතලොස්සකට පමණක් මුදල් වෙන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතික ධනය වැඩි වශයෙන් හානියට පත්වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය පුරවැසියන්ට අධික බරක් ගෙවීමට ඇති බවත් ලොව අන් කිසිදු රටක නැති තරම් ප්‍රශ්න සහගතය ටෙන්ඩර් මගඩි බිය සැක නැතුව මෙරට සෞඛ්‍ය බලධාරීන් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තිකයන් ගේ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා මෙහිදී පැවසීය.

සතියක් ඇතුළත ජනාධිපතිවරයා සාධනීය විසඳුමක් ලබා නොදුනහොත් ද පාර්ලිමේන්තුවේ චන්ද් 134ක් වෙනුවෙන් රටේ මහජනතාවගේ ජීවිත උගසට දෙන්නේ නම් ඉදිරි සතියෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උපවාස උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන බව සිවිල් සංවිධාන හා අල්ලස් හා නාස්තිය ට එරෙහි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ජාමුණි කමන්ත රොෂාන් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මහාචාර්ය අජන්තා පෙරේරා, ලැසිල් ද සිල්වා, ඇතුළු සිවිල් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ. (sathiya.lk/)

 

ඉහත වෙබ් අඩවි වාර්තාවට අනුව මෙම සාකච්ඡාව අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් හල්ලොලුව උත්සාහ කර ඇති අතර, ඉතා ඉක්මනින් ජනාධිපති වරයා සමග සාකච්ඡාවක් පවත්වා පොරොන්දු වූ පරිදි සියලු විසඳුම් ලබාදීමට තමන් කටයුතු කරන බවත් මෙම අල්ලස්, දූෂණය හා නාස්තිය ට එරෙහිව ජාතික ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කරන බවත් මෙහිදී හල්ලොලුව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සපථ කර ඇති බවද සඳහන් ය.

 

@ පුවත උපුටාගැනීම -sathiya.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි