SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරයි.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

 

මේ අතර, පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට ජනාධිපති සුදානමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය.

පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නීති සම්පාදනය සඳහා ද තවත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කර සිටියේය.

 

විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කළේය.

 

විශ්වාසවන්තව සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේය. 

රටේ සංවර්ධනය රඳාපවතින්නේ මෙම නව ප්‍රවේශය අනුගමනය කිරීම දිරිගන්වමින් නැවුම් දිශානතියක් සඳහා ගනු ලබන ඒකාබද්ධ උත්සාහයන් මත බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, පුද්ගලික වාද විවාදවලින් වැළකී රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරන ලෙසය. 

රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බව ඔහු සඳහන් කළේය. 

 

 

 

පුවත් උපුටාගැනීම - @adaderana.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි