SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමේදී

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මැදිහත් වූ බවට සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වූවන් කිහිප දෙනෙකු ප්‍රකාශ කිරීමත් සමඟ අද සවස උණුසුම් තත්ත්වයක් වාර්තා වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.

 

ගුවන් තොටුපළට පිරිමි ආරක්ෂක නිලධාරීන් 100ක් සහ කාන්තා නිලධාරිනියන් 50ක් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ වට කිහිපයක් පසුගිය සති කිහිපය තුළ පැවැති බවද වාර්තා විය.

 

ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ලබා දී ඇති නිර්ණායක අනුව පිරිමි ආරක්ෂක නිලධාරීන් 100 තෝරාගෙන ඇතත්, ද සිල්වා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත කාන්තා නිලධාරීන් 50 ක් වෙන් කර ඇති අතර පිරිමි නිලධාරීන් 25 ක් තෝරා ගෙන ඇත.

 

නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා විසින් කාන්තා නිලධාරීන් 50ක් සහ පිරිමි නිධාරීන් 25 ක් තෝරා ගෙන ඇති බවට එහි සිටි ඇතැමුන් චෝදනා එල්ල කිරීම මත මෙම උණුසුම් තත්වය ඇති විය.

 

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයාගේ මෙම  මැදිහත්වීම හේතුවෙන් අද සවස ගුවන් තොටුපළ පරිශ්‍රයේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.

 

කෙසේ වෙතත්, තෝරාගත් අභ්‍යාසලාභී ආරක්ෂක නිලධාරීන් පුහුණු කටයුතු සඳහා අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇත.

මේ අතර ඇමැතිවරයා මාධ්‍ය වෙත අදහස් පලකිරීමෙන් වැලකී ඇතැයිද ඔහුව සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක්ම අසාර්ථක වූ බවත් ඩේලි මිරර් වාර්තා කර ඇත.

 

@dailymirror

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි