SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝල්ෆේස් අරගලය හටගන්නා ලද ආකාරය පිළිබඳව මේ වනවිට රටේ පාලක පන්තිය මෙන්ම මහජනයාද  අරගලකරුවන් ද දැනුවත් ය. මුලදී මෙම හේතුව බාරගැනීමට අකමැති වූ වමේ පක්ෂද දැන් ඒ හා එකඟව ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඔවුන් එළිපිට විරුද්ධත්වය පෑවද යළිදු වරක් තම පරිභෝජනවාදයන් රිසි සේ භුක්ති විඳීමට අවස්ථාව උදා කළේ යැයි  කෘතගුණ දක්වනවාද නියත ය. මන්ද මොවුන්ගේ සියළු ක්‍රියාවන් වික්‍රමසිංහ ආර්ථික මොඩලයට නෑකම් කියන්නේය.

 

යළිත් අරගලයක් සම්බන්ධව  බුද්ධි අංශ වාර්තා එන්නේයැයි මාධ්‍ය කළඹන පුවත් සමාජගත වෙන්නට පටන් ගෙන ඇත. ගොවීන්ට ජලය බෙදාහැරීම පිළිබඳ ඇතිවූ තත්වය සමග මෙය ආරම්භ කෙරුනු බව විශ්ලේෂක අදහසය. එහෙත් එය එසේ නොවේ. වික්‍රමසිංහ රජය බලාපොරොත්තු වූ ආර්ථික කයිවාරුව ක්‍රියාත්මක වීමේදී කයිවාරුවක් පමණක්ම බවට පත්ව ඇති සෙයකි. මන්ද බලාපොරොත්තු වූ ආයෝජන ලංකාවේ තවමත් සිදුව නැත.

ලොකු හාහෝවක් සහිතව අප රටතුළට මුදල් එක්කරගත් ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථාන ටිකක්  ඉන්දියාවට දුන්නායින් රටට ලැබුනු සෙතක්ද නැත. ඒකෙන් සිදුවූයේ මෙරට ලාභයක් ඉන්දියාවට ගලා යෑම පමණකි. වෙනත් සෘජු ආයෝජන අවස්ථා සිදුව නැති අතර ලාභය අපේක්ෂිත සමාගම්  බංකොලොත් රටක ආයෝජන කරන්නට එන්නේ කුමක් අරභයාද යන්නට පහුගිය කාලයේ රඟන්නට ඉදිරිපත් වූ ආර්ථික ඔස්තාර්ලාට පිළිතුරක් තිබුණේද නැත.

 

ranil gogama 2

 

 

මේනිසා ඊළඟ අරගලයක් ගැන මහා යකෙකු නිර්මාණය කළයුතුව පවතී. එය දැන් සිදුකෙරෙමින් පවතින අතර ඊට සහාය දක්වන පිරිසද වැඩිවෙමින් ඇත. එම භීතිකාව නිර්මාණය කිරීමෙන් නොනැවතී ඊට එරෙහි කතිකාව, ජනතාවගේ නාමයෙන් ගොඩනැගීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එමගින් හැකිවේ. හමුදාව සහ පොලීසිය යොදා මිනිස් ක්‍රියාකාරකම්, සාමූහික ජන ඒකරාශීවීම් නවතාලිය හැකිය. කොටින්ම දේශපාලන සත්වයෙකු නොවූ  ඊනියා බකපණ්ඩිත ගෝඨාභයට නොතිබූ කපටි දේශපාල ඥානය හැමදාමත් සතුව තිබුනු නායකයෙකුට මේ අවස්ථාව 88/89 ස්වරූපයෙන් විසඳිය හැකිය.  මේ එජාපයට හුරු පුරුදු ක්‍රමයයි.

 

 

ranila gohome 3

 

එහි තවත් පාර්ශ්වයක් ලෙස තම මතයට එරෙහි මාධ්‍ය මර්ධනය කිරීමද පියවරක් වනු ඇත. සිරස නාලිකාවට එල්ල වී ඇති චෝදනාව වන්නේ දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසි ගන්වමින් වැඩසටහන් විකාශය කිරීමයි.ඒ අනුව සිරස රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට තීරණය කර ඇත.

 

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වී ඇති 2048 සංවර්ධිත ලංකාවක් ගොඩනැගීමට යන පාර ඉන් උදාවන්නේ නැත. ජාමේ බේරාගෙන තව වසර කිහිපයක් රජකම දරා සිටීමට පමණක් එය ප්‍රයෝජනවත් විය හැකිය. ගෝඨාභය එළවා දැමීමෙන් අරගලකරුවන් ලත් ලාභය නම්  තවත් දෙතුන් ගුණයකින් ගෙවාගත නොහැකි තරම් ණය බරකින් රට යටවීමය.

 

ranil with aragalaya 1

 

ඒ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජ්‍යෙෂ්ට උපදේශයෙකු වූ එරන්ද ගිනිගේ ලියා ඇති සටහන පහත පලකර ඇත.

 

ඊළඟ අරගලය - එරන්ද ගිනිගේ

 

රනිල්ට ලැබුණු වින්ඩොව් ඔෆ් ඔපචුනිටි එක දැන් වේගයෙන් ගෙවෙමින් තිබෙනවා. රොහාන් සමරජීවලා ධනනාත් ප්‍රනාන්දුලා රසික ජයකොඩිලා චින්තන ධර්මදාසලා වැනි ලිබරල් ආර්ථික ඔස්තාර්ලා සද්දෙ වහලා හොර පූසෝ වගේ ඉන්නේ. හිතූ ආකාරයට ආයෝජකයන් එන්නේ නැහැ. විජේදාස රාජපක්ෂ හදපු වංචා හෝ දූෂණ සමයම නිසා එන්න හිටි එකෙකුවත් එන්නේ නැහැ. හිතූ ආකාරයට ණය ගන්නත් බැහැ. මොන තියරිය දැම්මත් අපනයන ආදායම වැඩි කරන්නත් බැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගෙන්වාගෙන රෝලෙන් රට දුවන්නේ සංචාරක ආදායම සහ ප්‍රේෂණ නිසයි. ඒ දෙකට හෝ එකකට හෝ කිසියම් බාහිර හෝ අභ්‍යන්තර වින්නැහියක් වුණොත්/කළොත් බඩු බනිස් වෙනවා.

නියඟය තව මාසයක් දෙකක් ඇල්ලුවොත් ජලය සහ විදුලිය අතර අර්බුදය තීව්‍ර වෙනවා. දැන් ඉන්න පරම්පරාවට කන්න නැති වුණත් විදුලිය තිබිය යුතුයි. චන්ද්‍රිකාගේ කාලේ නියඟයක් ඇවිල්ලා වරු ගණන් විදුලිය කැපුවා. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක්. ඉස්පිරිතාලවලවත් විදුලිය තිබුණේ නැහැ. කරූ ජයසූරියට මිනිස්සු කිව්වේ “කරුවල” ජයසූරිය කියලා. එජාප ආණ්ඩුවේ විදුලිබල ඇමති හැටියට එයාගේ කාලෙත් වරු ගණන් විදුලිය කැපුවා. ඒ අමාරුකම් ඉවසන්න අපට පුළුවන් වුණා.

මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරලා අලුතෙන් විදුලි බලාගාර හැදුවා. තව හදන්න සැලසුම් කරලා තිබුණා. යහපාලනය ඇවිල්ලා ඒ සේරම කෑවා. දැන් අවශ්‍යතාවයට සරිලන්න විදුලිය දෙන්න බැහැ. නොදුන්නොත් මුන් ගෝල්ෆේස් ගිහිල්ලා තණ බිස්සෙ පෙරලි පෙරලි හොටු පෙර පෙර අඬනවා. යහපාලනය කාලේ වගේ රවී කරුණානායකට විදුලි ජනන නැව් ගෙන්නලා විදුලිය දෙන්න සල්ලිත් නැහැ. ගෝඨාභය උත්සාහ කළ විදිහට පුනර්ජනනීය බලශක්තිය හදාගත්තා නම් ජාම බේරගන්න තිබුණා. දැන් පරක්කුයි.

 

ranil with second aragalaya

 

ජවිපෙ හිතපු විදිහට අරගලයෙන් ඔවුන්ට රාජ්‍ය බලය අල්ලගන්න බැරි වුණා. ගෝඨාභය ගිය ගමන් ඊනියා අරගලය ඉවර වුණා. ජවිපෙ තනි වුණා. ඒකයි සුනිල් වටගල නහයෙන් අඬ අඬ කියන්නේ අරගලයේ සටන් පාඨ වැරදියි කියලා. ඔවුන් ඒ වැරදි තේරුම් අරගෙන තිබෙනවා. ඊළඟ මහා අරගලයට ඔවුන් දැන් සූදානම් වෙනවා. ජූලි චන්ග් මේ දවස්වල රට වටේ ට්‍රිප් යනවා. ඉරාකයට ලිබියාවට සිරියාවට ඇෆ්ගනිස්ථානයට කරපු විනාශය ලංකාවට හරියටම කරන්න කලින් ලංකාවේ ආස්වාදය අන්තිම වතාවට අත්විඳිනවා වෙන්ට ඇති.

 

රනිල් තමන්ගේ පුටුවේ කොම්ෆර්ට් වේගෙන එනවා. ඒක තමයි එයා කරගන්න ලොකුම මෝඩකම. එයා තාම වැල් පාලමේ මැද්දේ ඉන්නේ. රාජ්‍යය ආරක්ෂා කරගන්න බැරි වුණ ආරක්ෂක ලේකම් කාගෙත් අයියා කමල් අයියා තාම එතන ඉන්නවා. එයා "ලොවීනා" කියලා මියුසික් වීඩියෝ එකක් හදලා උත්සවයක් තියලා ඒක ලෝන්ච් කරනවා… දැක්කයින් දැක්කේ නැහැ එහෙම තමන් ගැන ලෝක අධිතක්සේරුවක ඉන්න මෝඩ චූන් සුරංගනා පැංචෙක්. හමුදාවට අණ දෙන්න බැරුව හිටිය ශවේන්ද්‍ර සිල්වත් ඉන්නවා. බුද්ධි අංශයක් කියලා එකක් තිබුණට මෙලෝ වැඩක් නැති ප්‍රධානියත් තාම ඉන්නවා. මේ අයත් එක්ක රනිල් බේරිලා හිටියොත් පුදුමයක්.

 

කොහොමත් ලංකාව දේශපාලනිකව අස්ථාවර කරලා තවත් දශක ගණනාවක් ඇදෙන අභ්‍යන්තර සිවිල් අර්බුදයක් හදලා මිසක් ඇමරිකාව පස්ස බලන්නේ නැහැ. තමන්ට ගෙඩියම කන්න බැරි නම් ඇමරිකාවට කන්න දෙන්නෙත් නැහැ චීනය. අමාරුම වෙලාවේ ඩොලර් බිලියන ගණන් ආධාර කරලත් ලංකාවේ මෝඩ වැසියන්ට වැඩේ ගොඩදාගන්න බැරි වුණා කියලා හිතන ඉන්දියාවත් ඉන්නේ දෙගිඩියාවක. සෞභාග්‍යයේ දැක්ම අතරමගින් කඩලා දැම්මට පස්සේ දැන් රටට කිසිම දැක්මක් නැහැ. අරමුණක් නැහැ. රුවල බිඳිච්ච නැවක් වගේ මුහුද මැද්දෙ ඒ පැත්තට මේ පැත්තට පාවෙනවා. මේක තමයි අරාජිකත්වය.

 

ඊළඟ අරගලය එන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එකතු වෙමින් තිබෙනවා. අවශ්‍ය කරන්නේ ට්‍රිගර් එකක් පමණයි. ජවිපෙ හැරෙන්න වෙන කිසිම පක්ෂයක් මේ බරපතල අවදානම ගැන හරියට විශ්ලේෂණය කර තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. අරගලයට ආණ්ඩු බලය අල්ලන්න බැරි වුණේ හමුදාබලය තමන්ට ගන්න බැරි වූ නිසා කියා අනුරගේ කටින් පිටවෙන්නේ ඔවුන්ගේ ඒ ඊළඟ සැලසුම. ගිය වර වුණු වැරදි මෙවර ජවිපෙ කරන එකක් නැහැ. එක්කෝ ජවිපෙ සන්නද්ධ අරගලයකින් බලය අල්ලයි. නැත්තන් නැවත වාරයක් තහනම් වෙයි. ඒ දෙකෙන් මොක වුණත් රට විනාශයි.

මම නම් ප්‍රාර්ථනා කරන්නේ මා වැරදි වේවා කියාය. හදිස්සියේවත් හරි ගියොත් මේ පාර මුලින්ම ගිනි තියන්නේ ගියපාර අරගලයට ස්පොන්සර් කරපු ධනවතුන්ගේ, නළු නිළියන්ගේ, ගායක ගායිකාවන්ගේ, ක්‍රිකට් සෙල්ලම්කාරයන්ගේ නිවාස. අරගලයේ අග්‍රඵලය තාම බිමට වැටුණේ නැහැ. කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න. ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි