SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමුවේ ඔහුගේ මෝටර් රථය ඇතුලේ අමු අමුවේ ගිනි තබා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඊට හේතු වූයේ රජ පවුලේ කුමාරයෙකු ගේ පෙම්වතියක් සමග යාලු වීමට තජූඩීන් උත්සාහ කිරීම බවද හෙතෙම සඳහන් කළේය.

 

නමුත් 2019 නව ආණ්ඩුව පැමිණීමත් සමඟ අදාළ නඩුවට සිදු වූ දෙයක් හොයාගන්නත් නැති බවත් කොළඹ අධිකරණ සංකීර්ණයේ ආරක්ෂිත තිබූ තජුඩීන්ගේ ඇට කටුද අතුරුදහන් වී ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති ජන හමුවක් අමතමිනි.

 

 

හිටපු ජනාධිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදී කේ.සංජීව ඔහුගේ මුහුණුපොතේ පෝස්ටුවක් මගින් දැඩිලෙස විවේචනයට ලක්කර තිබුණි. එමගින් සංජීව කියා ඇත්තේ 2015 මෛත්‍රී ජනාධිපති උනාට පස්සේ තාජුඩීන් ගැන වගේම ලසන්ත ගැනත් පරීක්ෂණ හරියට ඉස්සරහට ගිය බවත් නාවික ඝාතකයෝ මරපු තරුණයෝ ගැන පරීක්ෂණ හරියට ඉස්සරහට ගිය බවත් ය.

“එහෙම යද්දි රාජපක්ෂවරු බය වුණා. ඒ බයවීමේ ප්‍රතිපල එළියට ආවේ මේ ජනාධිපති ගේ නියෝග විදිහට. ඒ දවස්වල කිව්වේ මම ඉන්නකම් හමුදාවේ සාමාජිකයන්ට අත තියන්න දෙන්නේ නෑ කියලා. මේ පරීක්ෂණ ඉස්සරහට යනකොට පරීක්ෂණවලට නායකත්වය දුන්න ශානී අබේසේකර රවී සෙනෙවිරත්න වගේ උසස් පොලිස් නිළධාරීන් ගෙන්නලා දේශපාලකයෝ වටේ තියාගෙන බැන්න විදිහ තර්ජනය කරපු විදිහ පුටුවලට පොලේගහලා සාකච්ඡා වලින් නැගිටලා ගිය විදිහ දැන් අමතක වෙලා”

තාජුඩීන් ගේ ඝාතනය ගැන පරීක්ෂණ ඉස්සරහට නොගියේ ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්‍යාලය හරහා ගිය දුරකථන ඇමතුම්වල විස්තර දුන්නේ නැතිනිසාත්, ඒවා නොදෙන තැනට වැඩකළේ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා  බවත්, එක්නැලිගොඩ අතුරුදන් කිරීම ගැන ලසන්ත ඝාතනය ගැන තාජුඩීන් ගේ ඝාතනය ගැන පරීක්ෂණ ඉස්සරහට යද්දී හමුදාව අවශ්‍ය සහාය විමර්ශකයන්ට නොදුන් බවත්, හමුදාව එසේ කලේ මොහුගේ  පිටිපස්සේ හැංඟිලා බවත් මාධ්‍යවේදී කේ. සංජීව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි