SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර රහස් සාකච්ඡා වට දෙකක් පිළිබඳවම ගෙවීගිය සතියේ වාර්තා විය.

දේශපාලන ආරංචි මාර්ග ද සඳහන් කළේ  මෙම එක්  හමුවක් ඉතා පෞද්ගලික ලෙස කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ නිවෙසක පවත්වා ඇති බවය. එය ඔවුන් දෙදෙනාගේ පමණක් හමුවකි. එසේම පැය දෙකකට අධික කාලයක් සාකච්ඡාව පවත්වා ඇත.

 

මෙම පිට පිටම සිදුවූ හදිසි හමුවීම්වලට හේතුව වශයෙන් ලැබෙන දේශපාලන ආරංචි නම් කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමක් නිමල් ලන්සා සමඟ එකතු වී ජනපති සහායට නිර්මාණය කරන්නට යන දේශපාලන සන්ධානය බවය.

මේ සම්බන්ධව පැතිර යන කතාවකට අනුව ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ අමතා මේ සම්බන්ධව කලබල නොවන ලෙස පවසා ඇත.

 

“පොහොට්ටුව තමයි මට පත්වෙන්න උදව් කළේ. ඒ සම්බන්ධව ගැටලුවක් ඇතිකර ගන්න එපා. මම අදාළ පාර්ශ්ව දැනුවත් කරන්නම්." 

 

මෙම සාකච්ඡාවෙහි "කැබිනට් සංශෝධනය”  සාකච්ඡා  වී නොමැති අතර ඒ ගැන බැසිල් විසින් නම නොකියා කියා ඇත්තේ මෙසේය.   

 

“අපි ජනාධිපතිතුමාට නිල වශයෙන් අවස්ථා කිහිපයකදී මේ ගැන කියලා, ලිඛිතවත් දන්වලා තියෙනවා. එතුමාට ඒක කරන්න හැකියාවක් නැත්නම් අපි නැවත බල කරලා වැඩක් නැහැ."

 

බැසිල් - රනිල් සාකච්ඡාවෙන් අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා තවත් තීරණාත්මක රහස් සාකච්ඡාවක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අයත් විජේරාම නිවෙසේදීම පවත්වා ඇත. ආණ්ඩුවේ ඉදිරි ගමන සහ ආණ්ඩුවට සහයෝගය ලබාදිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇතැයි කියැවේ.

 

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළුව ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු පමණක් සහභාගී වී ඇත.

 “අපි වෙබ්වල දැක්කා ආශු මාරසිංහ කියලා තියෙනවා, අපිත් අරගලයේ කූඩාරම් දාහතක් ගහගෙන හිටියා කියලා." 

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන ආශු මාරසිංහගේ කතාව සාකච්ඡාවේදී එසේ කරළියට පැමිණ ඇත.

 

“එතකොට අපිට තේරෙනවා නේද කවුරුන්ද මේක පිටිපස්සේ හිටියේ කියලා. මේවා පිටිපස්සේ හිටපු කට්ටිය කවුද කියල තේරුම් ගන්න නම්, ඔය ගැන අපි හිතට ගන්න ඕනෑ."

“අපි ආණ්ඩුවේ පාර්ශ්වයක් විදිහට හිටියට, ආණ්ඩුව කරන වැරදි පෙන්වා දෙන්න ඕනෑ." 

 

සුපුරුදු පරිදි නාමල් රාජපක්ෂ විපක්ෂයේ වාඩිගත යුතුය යන ස්ථාවරයේ පසුවී ඇත. එහෙත්  ඔහුගේ ස්ථාවරයට එතරම් සහයෝගයක් ලැබී නැත.

 

“ඉදිරියේදී එන මැතිවරණය මහ මැතිවරණයක්ද? පළාත් පාලන මැතිවරණයක්ද? ජනාධිපතිවරණයක්ද?”

මේ එම සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ ගෙන් අසන ලද පැනයකි.

 

“ඡන්ද ගැන දැන් කතා කරන්න එපා. ඒ ගැන කතා කිරීම අනවශ්‍යයි. ඒ වුණාට අපි ඕනෑම මැතිවරණයකට සූදානම් වෙලා ඉන්න ඕනෑ."

 

මෙම සාකච්ඡාව පිළිබඳව ද ආණ්ඩුවේම බොහෝ දෙනෙක් දැන සිට නැත.

 

#කනින් කොනින් වාර්තා

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි