SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද ලංකාදීප පුවත්පත සඳහන් කර ඇත්තේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි කියාය.

එයට හේතුව නාරාහේන්පිට කාර්යාලයක් ස්ථාපිත කරමින් ක්‍රියාත්මක නව සන්ධානය හේතුව වී ඇති බවය.

 

එම පුවතේ සඳහන් ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා කර ඇත.

නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ තවමත් පොහොට්ටුවේ සිටින පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට මේ වන විට සැලසුම් කරමින් සිටීම මෙම අර්බුදයට හේතු වී ඇතැයි පවසන එම වාර්තාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසු ගිය සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද සදහන් කරයි.

 

එහෙත් slleader අප පසුගිය සතියේදීත් දක්වා ඇති ආකාරයට මෙම කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට පැමිණි එක් ආරාධිතයකු වී ඇත්තේ බැසිල් රාජපක්ෂගේ අගසව්වරයෙකු සේ ප්‍රකට හිටපු ජවිපෙ ක්‍රියාධරයෙක් වූ සිරිපාල අමරසිංහ ය. මේ වනවිට මෙම සන්ධාන කාර්යාලයේ කටයුතු පූර්ණකාලීනව සිදු කෙරෙන්නේ සිරිපාල අමරසිංහ මගින් ය. සිරිපාල අමරසිංහ යනු අදටත් බැසිල් රාජපක්ෂගේ හිතෛෂීවන්තම මිතුරා සහ සහායකයා ද වේ. ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ කිරීමේ සිට එහි සංවිධාන යාන්ත්‍රණය ඒ ආකාරයටම බැසිල් වෙත රැගෙන ඒමටත් දායක වූ පුද්ගලයෙක් ලෙසයි අමරසිංහ පිළිබඳව සමාජ කතිකාව වී ඇත්තේ.

 

මේ අතර, නිමල් ලන්සා මන්ත්‍රීවරයා මේ වනවිට ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර, ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබාදී ඇතැයි ද පැවසේ.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම කෙසේ වෙතත් මීළඟ ජනාධිපතිවරණයට ලකලෑස්ති වන්නේ නැවතත් පොහොට්ටු ඡන්ද පදනම හරහා බවත් ඒ සඳහා පවතින ප්‍රධාන බාධකය වන සමාජය දැනට ප්‍රතික්ෂේප කර ඇති  රාජපක්ෂ විරෝධයට හසු නොවන සේ සංවිධාන කටයුතු කිරීම බවත් දේශපාලන විචාරකයින්ගේ  මතය වී ඇත.

 

කෙසේ වුවත් රහස්‍ය දේශපාලන වාර්තා හරහා තවමත් ජාතික ජනබලවේගය වටා පැවති ජනතා ආකර්ෂනයේ ප්‍රබල වෙනස්කමක් සිදුව නැති බවත් මේ වනවිට අඩු අගයකින් පමණක් ජනතා ආකර්ශනය වෙනත් පක්ෂ වෙත සංකේන්ද්‍රණය වී ඇති බවට වන මතය අනුව නව සන්ධානයක් බිහිකිරීමට මූලික වී ඇති බව එකී ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි