SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ පොහොට්ටු ආණ්ඩුවේ අර්බූධයට පත් අමාත්‍යාංශ දෙකක් දිනපතා පුවත් මවමින් සිටින්නේය.

ඉන් එකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වන අතර දෙවැන්න ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යාංශයයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර්බූධය විසඳීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව ඉන් ඉවත්කිරීමේ සූදානමක් නැති බව සෘජුවම ප්‍රකාශ කර ඇත. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයේ තත්වය ඊට වඩා වෙනස් බවයි ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචිමාර්ග හරහා slleader ගොසිප් තීරයට වාර්තා වන්නේ. ගොසිප්වලට එහා ගිය සත්‍ය පුවත් සමග මේ කෙටි සටහන රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ ඇමති ඉරණම පිළිබඳව ය.

 

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් කැබිනට් සාමූහිකත්වය කඩවන ආකාරයට කටයුතු කර ඇති අවස්ථා දෙකක් සඳහන් වේ. පළමුවැන්න මීට මාසයකට දෙකකට පෙර හරීන් අමාත්‍යවරයා සම්බන්ධව පැන නැගි ඉඩමක් සම්බන්ධ පළහිලව්වය. දෙවැන්න ඊයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක කර ඇති අමාත්‍යවරයාගේ ප්‍රකාශයකි.

 

පවතින වියළි කාලගුණය හමුවේ ජලාශ සතුව ඇති ජලය වගා කටයුතු සඳහා මුදානොහැරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධව තමන් ගොවි පුතකු ලෙස කම්පා වන බවත්, එසේම ජලය නිකුත් නොකිරීම හේතුවෙන් ගොවිතැන් කටයුතු රැසක් අඩපණ වන බවත් රුපියල් මිලියන ගණනක හානියක් ඒ හමුවේ සිදුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

මේ ප්‍රකාශය මගින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කැබිනට් සාමුහිකත්වය කඩකර ඇති බවට චෝදනා ලබා ඇත්තේ පසුගිය කැබිනට් සාකච්ඡාවක ඇතිවූ කතා බහක් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක පැවසීම හේතුකොටගෙනය.

මේ පිළිබඳව ලබන සඳුදා වනවිට තමා හමුවී  හේතු දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවද එකී ආරංචිමාර්ග සඳහන් කරයි.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ කැබිනට් මණ්ඩලය තුළ ගිලිහුනු විනය රකින්නටදෝ වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැඩිලෙස කටයුතු කරන බවක් සමහර දේශපාලන විචාරකයින්ගේ මේ සම්බන්ධ මතය වී ඇත.

මේ අතර කොරේ පිටට මරේ කියන්නාසේ රොෂාන් ඇමතිවරයාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්ද චෝදනාවක් එල්ල වී ඇති බව රහස්‍ය ආරංචිමාර්ග වාර්තා කරයි.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද දින ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇතිව තිබෙන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු අනුව ක්‍රිකට් තහනමකට පවා යන්නට ඉඩ ඇති බවය. මේ වනවිට ක්‍රීඩා ක්ෂේත්‍ර කිහිපයක්ම අභ්‍යන්තර පරිපාලන දෝෂයන් නිසාම  ජාත්‍යන්තර තරඟ තහනමකට ලක්ව ඇත.

 

මෙම ICC ලිපියත් සමග වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධයෙන් බලවත් ලෙස කිපී ඇති බවයි එකී ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ.

 

ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධව සිටින තම හිත මිතුරන්ට පිළිතුරු දීමට ජනාධිපතිවරයා ලෙස තමාට සිදුව ඇති බවත්, තමා ජාත්‍යන්තර වශයෙන් ලංකාව ඉහළට ඔසවා තැබීමට උත්සාහ ගනිද්දී මෙවන් ඇමතිවරුන් විසින් තමන්ගේ පටි රෝල් කිරීම තවදුරටත් ඉවසිය නොහැකි බවත් මේ පිළිබඳ තීරණයක් ගන්නට තමාට සිදුවන බවත් ජනාධිපතිවරයාගේ අදහස බවයි එකී ආරංචිමාර්ගවලින් වාර්තා වන්නේ.

 

ඒ අනුව කඩිනමින්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ ඇමති පට්ටමේ ඉරණම තීරණය වනු ඇති බව වැඩිදුරටත් එම ආරංචිමාර්ග වාර්තා කර ඇත.

 

#slleader Gossip

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි