SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රවී කරුණානායක යූඇන්පීයේ මහලේකම් තනතුර බැරගැනීමට කාලයක සිට පෙරුම් පුරාගෙන සිටින්නේ ය.

ඔහුව ඒ තැනට පත්කලේද රනිල් විසින්යැයි බොහෝ එජාපයින් ද  කියන්නේ ය. රංගේට ආණ්ඩුකාරකමක් දී රවීව මහලේකම් කිරීමට ගසන ලද සූත්තරය වැරදුනේ රංගේට මධ්‍යම පළාතේ ආණ්ඩුකාරකම දීමට මහා නා හිමිවරුන් අකමැති වීම නිසා යැයි පුවතක් ගියේ ය. 

 

උපතින් මිනිසෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන බවත් එය තීරණය වන්නේ ඔහුගේ ක්‍රියාවෙන් කියාත් බුදුන් වහන්සේ කළ දේශනා අපේ ස්කෝලෙ බුද්ධ ධර්මය පොතේනම් තිබුණේ එසේ ය. එහෙත් අපේ ලොකු හාමුදුරුවො ගොල්ල රංගේට විරුද්ධ උනේ උපතින් ගෙන නොආ කුලයක් පදනම් කරගෙන බවට සමාජ මාධ්‍යයේ  නොහොබිනා කොල්ලන් කෙල්ලන් කතා හදනවාය. ආපෝ...ඒ ගැන කතා දැන් ඇති ය.

 

මේ රවී ව නම් එහෙම නැවැත්විය නොහැකිවා වාගේය.

 

කපටි නරියා හැමවිටම බලය ලැබුනු විට පක්ෂය අතහැර තම පුද්ගල ප්‍රතිරූපයට ජාත්‍යන්තර වටිනාකමක් එකතු කර ගන්නට වැර වීරිය කරන බව හැමෝම දන්නේ ය. ඒ හින්දා සර්ව පාක්ෂික සමුළු, 13 ව්‍යවස්ථා සංශෝධන, කුරානය ගිනිතැබීමට එරෙහිවීම වැනි කාරණා ලිස්ට් එකේ උඩටම ඇවිත් කරණම් ගසනවාය. කපටි නරියා ඒව සමග හරි හරියට කොක්හඩලා සිනාසෙන්නේ ය. ඔහුගේ සතුටු සිනාව දැක අපිටත් හරි හිනාය. නරි උන්නැහේ සතුටින් නම් අපටත් සතුටු ය. ඒත් රවී නම් හෝ ගාලා වැඩය. පක්ෂය ගොඩනගා ඉක්මණින් ගේමක් දෙන්නට බොහෝම උවමනා ය. රවීට තවත් එකතු වී ඇත්තේ තරුණ සේවා සභාව ආරම්භයේදී තරුණ වැඩසටහන් දියත් කළ සුදත් චන්ද්‍රසේකර ය. සුදත් මේ වෙද්දි එජාපයට තරුණ තරුණියන් එක්කරගැනීමට අමුතු ම ප්ලෑනක් අඳින්නේ ය.

 

කාරණය එහෙම උනත් කපටි නරියා ඇමතිකම් දෙනවා වගේම එජාපයේ මහලේකම්කමත්  බාල ගිරි දෝසයටම  යටත් කරලා ය. ඒවාට ගේන්නේ මද සිනා පමණකි. කොකහඩලන්නෙත් නැති ය.

 

මේ සතියේ ජනපතිeකොළමෙන් අශෝක ජයතුංගත් එය යාන්තමට කියා ඇත්තේ ය. අශෝකත් නරියාටම ගැලපෙන මාධ්‍යවේදී නරියෙකි.  කපටි නරියා ගැන හොඳටම දන්නේ අශෝක වැනි මාධ්‍ය නරීන් ය. හොඳටම කරන්නේ අශෝකලා ය.

 

ඒ මෙසේ ය,

 

"රවි ගෙ උතුරු කොළඔ බල මණ්ඩලේ මාරයි.එහෙම තමයි වැඩ පෙන්නන්න ඔින. රවි කෘත්‍යාධිකාරියෙදිත් හොද අදහස් කියල එජාපය ශක්තිමත් කරල සංධාන ගහල ආපහු ඔබතුමා ජනාධිපති කරන හැටි අගේට විස්තර කලා කියල ආරංචියි" මාධ්‍යකරුවෙකු කීවේ ජනපති ද එය අනුමත කරද්දීය.

එජාප කෘත්‍යාධිකාරියට පැරණි අමුත්තන් දෙදෙනෙකු පැමිණ තිබිණ. ඒ හරීන් හා මනුෂ ය. මනුෂ හා හරීන්ගේ වගකීම් හරහා රටට සංචාරකයන් විදෙස් රැකියා මුදල් වැඩිපුර ගලාඒමට පාර කැපීම හා නව රැකියා වෙළෙඳ පොළවල් සොයා ගැනීම ගැන ප්‍රශංශා ද පළවිය.

"එජාපයේ අය තනිතනියම දුවන්නේ. එකට ගැට ගහල දුවවන එකත් වැදගත්" අයෙකු කී විට ජනපති ඊට ද හිස සැලුවේය.”

 

රවී අන්තිමට පාරට බැස සටන් කරන්නට පටන් ගෙන ඇත. ලඟ ඉඳිමින් නිතර හමුවෙන නායකතුමාට කියන්නට අවශ්‍ය භාශාව රවී තෝරාගෙන ඇත්තේ මහපාරෙනි. අපි බලන් ඉන්නේ කපටි නරියා හැරී බලාවිද යන්නයි. වීඩියෝවෙන් පෙන්වන්නේද රවීගේ අළුත්ම සටන්  ක්‍රමයයි.

බලන් ඉමු නේහ්!

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි