SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට ගොඩගන්න නම් ව්‍යවසායකත්වට මුල්තැන දිය යුතු බවත්

වෙළෙඳපොළ බලවේග හරහා නිර්මාණය වන ප්‍රාග්ධන සම්පත අවහිරයකින් බාධාවකින් තොරව නිදහස් වෙළෙඳපොළ ආර්ථික බලවේග තුළ නිර්මාණය විය යුතු බවත් ඒ සදහා මානුෂීය ධනවාදී ප්‍රතිපත්තිය හෙවත් මැද මාවත හරහා ඉඩකඩ ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.

 

මානුෂීය ධනවාදය තුළ වෙළෙඳපොළ බලවේග සඳහා ධන උත්පාදනයට අවස්ථාව ලබා දෙනවා සේම මෙහි දී ඇති වන විෂමතා බෙදීම් මගහරවා ගෙන දුකට පත් අයත් ශක්තිමත් කර වැඩ කරන ජනතාවට සාධාරණ නීති රාමුවක් තුළ සේවය කළ හැකි සේවක සුරක්ෂිතභාවය මෙන් ම තමන්ගේ මහන්සියට නිසි වේතනයක් ලැබිය යුතු බවත් ඒ සදහා කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

 

නිදහස් වෙළෙඳපොළ බලවේගවලට පමණක් මෙරට කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම ලබා දිය නොහැකි බවත් මෙකී මැදමාවත තුළ නිදහස් පෞද්ගලික ව්‍යවසායකත්වයට උපරිම තැන ලබා දී ප්‍රග්ධන උත්පාදනය කළ හැකි බවත් පැවසීය. ආණ්ඩුවලට තනිවම ව්‍යාපාර කළ නොහැකි බැවින් ඒ සඳහා පෞද්ගලික ව්‍යවසාය යොදා ගත හැකි බවත් එසේ උත්පාදනය කරන ධනය සැමට සාධාරණව සමානව බෙදිය හැකි ලෙස භාවිත කළ යුතු බවත් එය සමගි ජන බලවේගයේ එකම අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

අන්ත සමාජවාදය තුළවත් අන්ත කොමියුනිස්ට් වාදය තුළවත් රටක් සෞභාග්‍ය කරා ගෙන යා නොහැකි බවත් එය මිත්‍යාවක් බවත් පෞද්ගලික ව්‍යවසායකත්වය සහ මානුෂීය ධනවාදය රටක ධන උත්පාදනයට අත්‍යාවශ්‍ය බවත් එසේ නිපදවන ධනය ඇති හැකි අයට මෙන්ම නැති බැරි අයටත් සමසේ බෙදිය හැකි මානුෂීය ධනවාදී ක්‍රමය වඩාත් සාර්ථක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

 

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි. දේශපාලන පක්ෂයකට අයත් වෘත්තීය සමිතියක සමාජ සුබසාධන වැඩසටහනක් ප්‍රථම වතාවට ක්‍රියාත්මක වීමක් ලෙස මෙය හැදින්විය හැකි යි.

 

මෙරට සමහර කම්කරුවා රකින නීති රීති සහමුලින්ම විනාශ කරන යුගයක් උදා වි ඇති මේ මොහොතේ කම්කරුවාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් එහි එක් වැඩසටහනක් ලෙස වැඩ කරන ජනතාවගේ සුබසාධනය උදෙසා මෙම ඓතිහාසික වැඩපිලිවෙළ ආරම්භ කරන බවත් මේ තුළින් මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් කට වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බව ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියන රටේ ජල ගාස්තුව පවා වැඩි කර ඇති බවත් මේ රටේ ජනතාව යම් කිසි ප්‍රේඩාවකින් රවටා මෙසේ ජල බිල සියයට 50කින් වැඩි කිරීම ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් ලෙසත් මෙසේ ජනතාවගේ කරපිට බර පටවා රට ගොඩ ගත හැක්කේ කෙසේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

හෙට අනිද්දා දින ගෑස් මිලත් වැඩි වූ පසු ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා රජය උල්ලංඝනය කර ඇති බවත් මෙය ජනතා විරෝධී ජන ඝාතක ආණ්ඩුවක් ද කියා සැකයක් මතුවන බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙසේ වැඩිකල ජල බිල අඩුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

 

@ Media unit

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි